ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව වැළැක්වීමට අවශ්‍ය පිරිවැය මිහින්තලා පුදබිමේ නායක හිමිපාණන්ගේ උපදෙස් මත සමගි ජන බලවේගය සහ සමගි බෞද්ධ උපදේශක කමිටුව එක්ව පියවීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම මෙලෙස මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව සිදු කිරීමේ නින්දිත ක්‍රියාව හෙළා දකින බව අද (03දා) විපක්ෂනායක කාර්යාලයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඉදිරියේදී මිහින්තලා පුදබිම අන්ධකාර නොවීමට අවශ්‍ය ගෙවීම් ජනාධිපති අරමුදලින් හෝ බුද්ධ ශාසන අරමුදලින් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් ඉදිරිපත් කරන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
"ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව රජය ක්‍රියාත්මක කරලා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් ලෙස හඳුන්වන මිහින්තලා පුදබිමේ රජය ක්‍රියාත්මක කරපු නින්දිත, නීච, දුර්දාන්ත ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා." යනුවෙන් සඳහන් කළේය.