13 ගැන ජනපති ලේකම්ගෙන් පක්ෂ නායකයන්ට ලිපියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.
popular news
-
Don Saturday, 05 August 2023 11:48 AM
Is the President secretary is mad like other insane in the office to bluff people further. No one came to any agreement other than requesting to hold the elections soon.
Reply : 0 0
Deepal Nirosh Saturday, 05 August 2023 12:02 PM
රනිල් ජනාධිපතිවරයා පත්වුණේ හිටපු ජනාධිපති ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය ආවරණය කිරීමට පමණයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයකට ජනවරමක් ලබා දී නැහැ. 13 වන සංශෝධනය හෝ වෙනත් සංශෝධනයක් හෝ බලාත්මක කිරීමට නම් පළමුව වත්මන් ජනාධිපති ජනාධිපතිවරණයකින් වරමක් ලබා ගත යුතුයි. ඉතින් ඒ අදහසවත් මේ මී හරක් පකෂ නායක රෑළේ එකෙකුට හෝ කියාගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

