එකම පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු සියදිවි නසා ගැනීමට හේතුව විෂාධිය බවත්,ස මාජය තුළ සියලු පුරවැසියන්, සමාජ වගකීමකින් කටයුතු කර මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය එම්.පී.එස් ජයවික්‍රම මහතා පැවසීය.
එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්රයදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එ මහතා මේ බව පැවසීය.
මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් 24 හැවිරිදි තරුණයෙකි. ඔහු රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස ඊයේ (02) සියදිවි නසාගෙන ඇත. නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැදී සිට නැති අතර, පස්වරු 12. 00 ට ආසන්න වේලාවකදී ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
නිවසේ කාමරයක් තුළ ලනුවක ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන තිබිණි. අසල නිවසක කාන්තාවක් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්රගදේශවාසීන් පොලීසියට මේ පිළිබඳව දැනුම්වත්කර ඇත.
මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියකද මීට පෙර සියදිවි නසා ගෙන ඇතැයි වාර්ථා වේ , ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සියදිවි හානි කර ගෙන ඇත.මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරෙකු හා සොයුරියක තලාව ප්‍ර දේශයේදී දුම්රියට පැණ සියදිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැලලාගෙන තවත් සොයුරෙකු සියදිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලීසියට අනාවරණය වී ඇත.ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇතැයි වාර්ථා වේ.
“අපි මෙවැනි අවස්ථා වලදී ලබා දෙන මරණ පරීක්ෂණ නිගමන වලට අමතරව, මරණ පරීක්ෂකවරයකු සිදු කරන කාර්යභාරයක් තමයි උපදේශාත්මකව සමාජ ගත කිරීමක් කරනවා මේ මරණ පරීක්ෂණ මෙවැනි අවස්ථා උදා නොවීම සඳහා.මෙම සිද්ධිය අධ්‍යතනය කිරීමේදී අපිට පෙනී යනවා, මේ කීපදෙනක් රෝගී බවට පෙනී යනවා.විෂාධිය කියන ලෙඩක් ඇති වෙනවා.
ඒ එක්කම මොවුන් කීප දෙනෙකු පෙම් සබඳතා නිසා සියදිවි නසාගන්න පෙළඹුනා කියලා.කෙසේ වෙතත් සමාජය වශයෙන් මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට සමාජය තුළ සියලු පුරවැසියන්, අපිට අනෝන්යතව අපිට සමාජ වගකීමකින් කටයුතු කරලා මොවුන්ගේ මෙවැනි අවස්ථා දුරු කරන්න අපිට සාරධර්ම ඇති කර ගන්න අවශ්යකයතාවය තියෙනවා.
එවැනි අවස්ථා වලදී ගමේ පන්සල, කෝවිල, පල්ලිය වගේම සමාජ ආයතන සියල්ලම මනුෂ්යයයෝ වශයෙන් කටයුතු කරලා සාරධර්ම ගුණධර්ම වැඩි කර ගෙන මෙවැනි අවස්ථා උදා නොවීමට කටයුතු සලස්වා දීම සඳහා අපි නිතරම උත්සහ කරන්න ඕන.”