ලංකා ප්රිමියර් ලීග තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී තමන් විසින් ජාතික ගීය ගායනා කළ ආකාරය අනුව කිසිවෙකුගේ හෝ සිත් රිදවිමක් සිදුව ඇත්නම් තමන් සමාව අයද සිටින බව උමාරා සිංහවංශ මහත්මිය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ එහි ඇතැම් වචන උච්ඡාරණය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබීම පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.