කාත්තාන්කුඩිහි පල්ලි කිහිපයක් ඉලක්ක කරමින් කොටි ත්රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව සිහිකරමින් අද දිනයේදී කාන්තන්කුඩිහි පූර්ණ හර්තාලයක් පැවැත්වීය.
මීට වසර 33කට පෙර මෙම මිලේච්ඡ ඝාතනය සිදු කළේය. වෙළෙඳ මධ්‍යස්ථාන, පොදු වෙළෙඳ පොළ, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලුම ආයතන වසා දමා මෙම හර්තාලය ක්‍රියාත්මක කෙරිණි.
නගරයේ බොහෝ ස්ථානවල සුදු කොඩි ඔසවා තිබෙනු දක්කනට ලැබුණි. 1990 අගෝස්තු 03 වැනි දින කාත්තාන්කුඩි මිරා ජුම්බා මුස්ලිම් පල්ලිය සහ කාත්තාන්කුඩි හුසේනියා පල්ලිය යන මුස්ලිම් පල්ලි දෙකක රාත්‍රී යාඥාවන් දෙකක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ. ය සිදුකළ වෙඩි තැබීමෙන් මුස්ලිම් ජාතිකයන් 268 දෙනෙකු මිය ගියේය.
මඩකලපුව සමූහ වාර්ථාකරු ට් එල් ජව්ෆර්කාන්
