කළාවැවට අවශ්‍යය ජලය කොත්මලේ ජලාශයෙන් නිසි පරිදී ලබා නොදීමෙන් මහවැලි එච් කළාපයේ වගා බිම් අක්කර 25000 ක් විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
එප්පාවල ඒකක කළමණාකරණ කාර්යාලයේදී මහවැලි එච් කළාපයේ ගොවි නියෝජිතයින් පැවත්ව සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.
මහවැලි එච් කළාපයේ ගල්නෑව, නොච්චියාගම, එප්පාවල, තලාව ආදී කොට්ඨාශ රැසක ගොවි සංවිධාන සභාපතිවරුන් ඇතුළු ගොවි නියෝජිතයින් මෙම සාකච්ජාවට සහභාගී වී සිටියහ.
එහිදී මේ වන විට කළාවැව තුළ ගබඩා වී ඇති ජල ප්‍රමාණය පහළ ගොස් තිබීම හේතුවෙන් මහවැලි එච් කළාපයේ වගාවන් අනතුරට පත්වීමේ අවධානමක් පැවතීම සම්බන්ධයෙන් හා ඊට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.කොත්මලේ ජලාශය තුළ 70%ක් ජලය රඳවාගෙන තබා ගෙන කළාවැවට අවශ්‍යය තරම් ජලය ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ගොවි නායකයින් පෙන්වා දුන්හ.
මෙම ගැටලුව විසඳුමට පළමු පියවර ලෙස අද (03) දිනයේදී අනුකමිටුවේදී මහවැලි නිළධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, ඊට විසඳුම් නොලැබුණහොත් උද්ඝෝෂණ සිදු කිරීමටත් ඔවුන් එහිදී සාකච්ජා කරනු ලැබීය.
