ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
ලෝක වෙළෙඳපලේ ගෑස් මිල කොපමණ වැඩි වුවත් ලාංකිකයන්ට අඩු මිලට ගෑස් දීමේ හැකියා ලිට්රෝ සමාගම සතුව පවතින බවත් ආයතනය ද ශක්තිමත්ව තබාගෙන මීට සති දෙකකට පෙර භාණ්ඩාරයට කෝටි 150 ක් ලාභාංශ ගෙවීමට හැකි වූ බවත් ඔහු පැවැසිය.
ගෑස් මිල සූත්රයට අනුව රුපියල් 470 ක පමණ මිල ඉහළ යෑමත් මේ අවස්ථාවේ කළයුතු වුවද මිලියන හයක් පමණ වන ලිට්රෝ පාරිභෝගික ජනතාවට සහනක් දෙමින් ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බවත් ඔහු පැවැසීය.
ගෑස් මිල ඉහළ නොදැමීමට හේතුව හේතුව කාර්යක්ෂම තොග කළමනාකරණය සහ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිලේ වෙනස්වීම් සහ මිල දර්ශකය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටීම බවද ඔහු පැවැසීය.
මෙම වසරේ අඩුම ගෑස් මිල ලෙස පසුගිය මස ඩොලර් 380 ක් වැනි පහළ අගයකට පත්වූ බව නිරීක්ෂණය කිරීමෙන් පසුව ගෑස් මෙට්රික් ටොන් 8,000 කට අධික ප්රමාණක් ඇනවුම් කර පසුගිය මස ද රුපියල් 204 ක සහනයක් දුන් බව කී ඒ මහතා මේ වන විට ඩොලර් 85 කට වැඩි අගයකින් මිල වැඩි වුවද ගෑස් සමාගමකට වැඩි සමාජ වගකීමක් ලෙස සළකා මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
ඒ් අනුව දැනට වෙළඳපොළ තුළ පවතින කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2982 ක් ලෙසත් කිලෝග්රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක් ලෙසත්, කිලෝග්රෑම් 2.3 ක සිලින්ඩරයක් රුපියල් 561 ක් ලෙස තවදුරටත් පවතින බවද ඒ් මහතා වැඩිදුරටත් පැවැසීය.