saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 33 hours ago

LATEST

රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාර‍ින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන

calendar_today 2025 සැප් 20 - 08:30 remove_red_eye - 962  

ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකු විසින් මැතිවරණ දිමනා මුදල් වශයෙන් රුපියල් එක්කෝටි,දෙලක්ෂ,විසිහතරදහස්,හාරසියවිසිදෙකක මුදලක් (10,224,422) ලබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත. 2024 වර්ෂයේ දි මැතිවර

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19දා) රාත්‍රී ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බවත්, බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවටත් දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ ඇත.

Read More

තම පියාගේ අභාවයට එක්වූ දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රී නැවතත් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

වර්තමාන රජයේ වැඩ පිළිවෙලට අනුව වාරි මහිමය අපේ උරුමය තේමාව කරගනිමින් වැව් රක්ෂිත සීමා සළකුණු කිරීම හා සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ වෙනුවෙන් වැව් රක්ෂිත ලකුණු කිරීම යටතේ අද ( 19) දින අම්බලන්තොට රිදියගම වැවේ රක්ෂිත ලකුණු කිරීමට පැමිණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ ජනතාව එක්ව විරෝධය දැක්වීමෙන් පසු එම නිලධාරීන් එම ස්ථානෙයන් ඉවත්ව යන ලදී.

Read More

ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම සිරුරෙහි සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් 09/19 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙම දුෂ්කර මොහොතේ, ඔබ තනි නොවන බව මතක තබා ගන්න. පියෙකු මෙන් මම ඔබ වෙනුවෙන් සිටිමි - ඔබට මඟ පෙන්වමින්, ඔබ සමඟ සිටගෙන, සහ සෑම පියවරකදීම ඔබට සහාය දෙමි. මුළු කණ්ඩායම, ජාතිය සහ මෙම ක්‍රීඩාවට ආදරය කරන සෑම කෙනෙකුම ඔබේ පැත්තේ සිටිති

Read More

සැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 90393ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 17 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1 656 916කි.

Read More

හැටන් පොලිස් වසමට අයත් හැටන් ඇබෝස්ලි වතුයායේ නිවසක කිසිවෙක් නොමැති විටකදී එම නිවසට පැන රුපියල් 1,95000 ක් සොරකම් කළ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණියක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

Read More

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.

Read More

විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානයේ විශ්ව විද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් ලියන ලද පොත් තහනම් කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය විසින් තීරණය කර තිබේ. එසේම මානව හිමිකම් සහ ලිංගික හිංසනය පිළිබඳව ඉගැන්වීම ද තහනම් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

Read More

දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ජනතාවට නිවසේ සිට හෝ ව්‍යාපාරික ස්ථානයේ සිට මහ නගර සභාවෙන් සිදුකර ගත යුතු සේවාවන් රැසක් සිදුකිරීම සඳහා ඩිජිටල් කිව් ආර් කේතයක් හඳුන්වා දීම 18 දින කෙරිණි

Read More

තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබේ. ඒ එම සංසදය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික මොඩියුලර් සකස් කර ඒවා හඳුන්වාදීමටත්, ඒ සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා ඒවා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.

Read More

වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු මෙවර මැතිවරණයෙදී පමණක් නොව, මීට පෙර පැවැති මැතිවරණ වලදීද ඉදිරිපත් කළ බවත්, මෙම වත්කම් වෙනත් පුද්ගලයන්ට මැජික් එකක් වුවද තමන්ට එය මැජික් එකක් නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයටද දුනිත් ක්‍රීඩා කරනු ලැබීය.

Read More

දකුණේ පාතාල නායකයකු වන දැනට විදෙස්ගතව සිටින අහුන්ගල්ලේ බබාගේ නමැත්තා විසින් අහුන්ගල්ල කටුවිල පදේශයේ අලුතින් ඉදිකරනු ලබන දෙමහල් නිවස කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් අද (18) අලුයම ගිනි තැබීමක් සිදු කොට ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

තිහගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සීටි සැකකරුවකුට දුම්වැටියක් දීම හා එම සැකකරුගෙන් දුම්වැටියක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Read More

තමන් ඉදිරිපත් කර ඇති වත්කම් වලට අමතරව වෙන වත්කම් තිබේනම් ඒවා රජයට පවරාගෙන ජනතාවට බෙදා දෙන ලෙස තමන් සඳහන් කරන බව මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

Read More

රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ මූල්‍ය ස්ථාවරත්වය, තිරසාරභාවය සහ පාරිභෝගික ආරක්ෂාව සමඟ පෙළගැස්වීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් විනිවිද බවින් යුක්ත විදුලි ක්ෂේත්‍රයක් සඳහා පිරිවැය ආපසු ලබාගැනීම සහ පිරිවැය ගාස්තු සමබර කිරීම ප්‍රතිපත්තිමය ලෙස අත්‍යවශ්‍ය වන කාරනා බව පෙන්වා දුන්හ.

Read More

ජුනි මාසයේදී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ජෙට් යානයකින් මියගිය මගීන් හතර දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්, ගුවන් යානා නිෂ්පාදක බෝයිං සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනිවෙල් සමාගම්වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නඩුවක් ගොනු කර ඇති අතර, සමාගම්වල නොසැලකිලිමත්කම ඊට හේතු වී ඇති බව නඩුුව ගොනු කරමින් ඔවුන් සඳහන් කරයි.

Read More

උණ ශාකය තුලින් පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම, පස සංරක්ෂණ ක්‍රියාවලිය, පරිසරයට ඔක්සිජන් නිකුත් කිරිම සහ ජල මූලාශ රැක දීම ඇතුලු පරිසර ක්‍රියාවලියන් ගණනාවක් සිදු කරයි.

Read More

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.