ශ්‍රී ලංකාව ඉල්ලිමක් කරන්නේ නම් තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය ලබාදීමට ඉරානය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇත්තේ සතුරු රටවලට පමණක් බවත් ශ්‍රි ලංකාව වැනි මිත්‍ර රටවලට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොමැති බවත් ඔහු පැවැසීය.
ඉරාන ජනතාව ශ්‍රී ලංකාවට ගෞරව කරන බවද ඒ මහතා කීය. එසේම ශ්‍රී ලංකාව ගැටලුවකට පත්වීමට අවශ්‍ය නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.