ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස් රථය අනතුරට ලක්වීමට තත්පර කීපයකට පෙර ගැටුන රුපියල් ලක්ශ 800ක් පමන වටිනා (කෝටි 8) සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බවට අදාළ ජීප් රථ
’’මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා - 2025 ( Miss Grand Sri Lanka - 2025) රූ රැජින තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය හිමි කර ගත් ඉන්දියාවේ සර්ගම් කවුෂාල් මහත්මිය ( Mrs :Sargam Koushal ) 09/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreරුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
Read Moreපවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇති බවත් ඉදිරි දින කිපයද මෙලෙස වියළි කාලගුණ තත්වයක් පැවතුනොහොත් රටේ ලුණු අවශ්‍යතාවයෙන් බහුතරයක දායකත්වය පුත්තලමේ ලබා දිය හැකි මට්ටමක පවතින බව ලුණු නිෂ්පාදකයින් පවසයි.
Read Moreඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreදිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ වනයට මුදා හැරීම නිසා නැවතත් වන සතුන් අලි ඇතුන් කසල ආහාරයට ගැනීම සිදුවන බව දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.
Read Moreජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සක්කච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.
Read Moreවිදුලි බල මණ්ඩල සේවයකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සිට ලේක් හවුස් වටරවුම දක්වා වූ මාර්ගය විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreපාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය අත්හිටුවීමට කටයුතු කර තිබේ.
Read Moreඅදත් සුලු පිරිසක් අසාර්ථක උත්සාහයක් ගත්තා. අයිතිවාසිකම් රැකගන්න සේවකයන්ට බොරු කියලා රවට්ටලා දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා යැයි වැඩිදුරටත් පැවසීය.
Read Moreමිනිස්සු ගැන සත පහක හැගීමක් නැති අය ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. මිනිස්සු මරණ තුනක් ඉන්නේ. වහිනකොට තෙමෙනවා ජනේල් වහන්න බෑ. ජනේල් වැහුවොත් දාඩිය දානවා ෆෑන් නෑ. වොෂ් රූම්වල වතුර නෑ. හිර ගෙයක් වගේ. මේක කරන්න නැත්නම් මම රත්මලානට මගීන් එවනවා. ජා ඇල සීදුව පැත්තේ අවුරුදු හතරක ළමයෙක් කේච්චියේපළවෙනි ගමන යන්න ඇවිත් ජනේලයක් වැටිලා ඒ ළමයගේ ඇඟිලි දෙකක පුරුක් දෙකක් තැලුණා.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.
Read Moreළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Read More“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවේ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ අසලදී පෙරවරුවේ ආරම්භ කෙරිණි.
Read Moreඇල්ල,වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල ඉකුත්‍දා සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් තුවාලලත් රෝගීන් බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කල නිවාඩු ලබා සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලාට නිල උසස් වීමක් ලබාදී මුල්‍යමය වශයෙන්ද ආධාර කර ඇගයීමට ලක් කිරීම යුද හමුදා මුලස්ථානයේදී සිදුකර ඇත.
Read Moreසෙබාදනවි විදුලි බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගා වොට් 350 අද පස්වරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පද්ධතියට එක්කරනු ලැබීය. මේ හරහා සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 12ක් සපුරාලීමට අවස්ථාව ලැබෙයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම නිල නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5000කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභී පුද්ගලයන්ගේ නිවාස 150ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 1400ක් බවත් ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසීය.
Read Moreදැනට ලංකාවේ වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රියාතමක වේ.
Read More2025 සැප්තැම්බර් දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.මේ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.
Read Moreතිරිවානා අපනයනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. තිරිවානා සමග පළිගු (Clear Quartz) නිීති විරෝධි ලෙස අපනයනය කිරීමේ ජාවාරම් සිදුවන බවත් ඒ සඳහා කාර්යාංශයේ අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ සහය හිමිවන බව පෙනී යන බවත් මෙහිදී සාකච්ඡා විය. පළිගු අපනයනය සිදු කිරීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය යටතට ලබා දී අනෙකුත් තිරිවානා නීත්‍යනුකූල ලෙස අපනයනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.
Read Moreමේ වසරේ පළමු මාස 6 තුළ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක් උපයා ඇති බවත් එයින් රුපියල් කෝටි 500ක් මහා භාණ්ඩාගාරයට දුන් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන්ට පනවා තිබූ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreදැන් මම විදුලි බල මණ්ඩලයේ සේවක මහත්වරුන්ගෙන් අහන්නේ පරණ ඒක නතර කරපු ඒක අපරාධයක්ද? ස්ට්‍රයික් කරන්න. අකුරට වැඩ කරනවා කියනවා. ලෙඩ නිවාඩු ගන්නවා කියනවා ගන්න කියන්නකෝ. මෙහෙම වැඩ කරන්න බෑ. කවුරුත් නිද්‍රාශීලී වෙලා හිටියේ. මෙහෙම වැඩ කරන්න බෑ.
Read Moreඅත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණට භාර වූ සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබාදුන්නේය.
Read More2025.09.23 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවා අනුමත කිරීමට නියමිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය.
Read Moreවැඩිම රිලා ගහණයක් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බව පසුගිය කාලයේ කළ සංගණනයෙන් තහවුරු වූ බවත් ඉන් අනතුරුව කෑගල්ල, කුරුණෑගල හා අනුරාධපුර නගර පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට සොයමින් සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාර වී තිබේ. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත දියවඩන නිලමේ ඡන්දය ඉලක්ක කරිමින් පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කෙරෙමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බව මතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන්ය.
Read More’’ලංකාවේ කංසා වගා කරලා අර ලූණූ ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යාණූකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලුවන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ, දැන් සිගරට් මේ රටේ අලෙවිකරනවානේ, අපිට ඒක නතර කරන්න බෑ .කැමති කෙනෙක් බොයි, අකමැති කෙනෙක් නිකං ඉඳියි.ඕක ප්‍රශ්නයක් නෑනේ’’ යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.
Read More