saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 24 hours ago

LATEST

දෙවිනුවර බස්නායක නිලමේ කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලයි

calendar_today 2025 සැප් 22 - 13:25 remove_red_eye - 833  

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය 21 වෙනිදා අවසන්ය විය.

කොමඩු ප්‍රවාහනය කරන ලොරියක විශේෂයෙන් සැකසූ කුටීරයක සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන් ප්‍රමාණයක් හා ගිනි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

තංගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වී ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත.

Read More

දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගර මධ්යේදී 21දා පස්වරුවේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක හැපිපෙන් ඉංග්‍රීසි ගුරුවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

ඊශ්‍රායලයේ ජිවත්වන වීසා නොමැති ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකළ බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

Read More

ආර් . එම්. සෙනරත් බණ්ඩාර නම් වූ මෙම හතළිස් හත් හැවිරිදි දෙදරු පියාණන් සඳහන් කළේ චලිඳු රුවන් බණ්ඩාර නැමැති විසිතුන් හැවරීදී තම දරුවා වසර ගණනාවක සිට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. දරුවා වයස අවුරුදු විසිතුනක් වුවද වයස අවුරුදු දහයක පමණ පෙනුමක් ඇති දරුවෙකු බවද ඔහු පෙන්වා දුන්නේය.

Read More

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

තමන් පොදුජන පෙරමුණ හැර නොගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතය නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මනත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 10, 12 සහ 13 වන පිරිමි දරුවන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තවත් එවැනි දරුවෙකුට ලිංගික අපචාරයක් සිදු කළ, එම පාසලේ පාලක සභාවේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව බුද්ධශාසන.ආගමික හා සංස්කෘකිත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

Read More

වත්කම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු දැරූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේද මෙන්ම මාමණ්ඩිලා සමග රජය සම්බන්ධ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි තිබෙන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව්වක් ආණ්ඩුව සිදුකර ඇති බවත්, වත්කම්–බැරකම් ප්‍රකාශ ලබාදීම පිළිබඳව වගවිමක් වත්මන් ආණ්ඩුව සමාජයට පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Read More

මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.

Read More

තම නැන්දම්මාට අයත් ලක්ෂ විසිඅටහමාරකට අධික රන් භාණ්ඩ සොරාගෙන, සැමියාගෙන් වෙන්ව වෙනත් පුරුෂයෙකු සමඟ දිවිගෙවීමට ගිය රාජ්‍ය සේවිකාවක් ඇයගේ දෙවන පුරුෂයාද සමඟින් අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලිසිය, සොරාගත් රන් භාණ්ඩ සියල්ලමද සොයාගැනීමට සමත්ව තිබේ.

Read More

13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කණ් අඩිය පැලී යන ලෙස පහරක් එල්ල කළ 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (21) උදෑසන මිය ගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි.

Read More

රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/20 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වෙයි.

Read More

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දුනිත් වෙල්ලාගේගේ පියාට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ක්‍රීඩකයන් අද දිනයේදී කලු පැහැති අත්පටි පැළඳගෙන ක්‍රීඩා කරනු ලබයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.

Read More

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (9/20) උදෑසන දිවයිනට පැමිණියේය.

Read More

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති.

Read More

මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහන වල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් භාරයට ගෙන ඇත.

Read More

මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ.

Read More

ශ්‍රිලංකා පොලිසිය විසින් හබරාදුව නිල සෙවන යෝජනා ක්‍රමයෙන් නිවාස 192ක් මිලදි ගැනිම සදහා රුපියල් මිලියන 500ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා තිබුනද මේ වනතෙක් මෙකි නිවාස ව්‍යාපෘතියෙන් කිසිදු නිවසක් පොලිස් නිලධාරින් හට පදිංචියට ලබාදිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ තුළ දේශපාලනය කරන්නේ කිසිම වත්කමක් හෝ නොමැති පිරිසක් නොමැති බවත් විවිධ වෘත්තීන්වල නියැලී සිටි පිරිස් පක්ෂයේ දේශපාලය කරන බවත් බවත් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවැසීය.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. මෙය සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.