අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.
අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවූ අතර අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හජ්යෙෂ්ඨ කථිකාචාර්යය හිමිනමක් ලෙස කටයුතු කළ උන්වහන්සේ වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති ලෙසද කටයුතු කළහ. අදාහාන පූජෝත්සවය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.