පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
යෝජනාව විවාදය කර සම්මත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ කමිටුව පසුගියදා පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ පත් කෙරිණි.