2023 වර්ෂයේ පසුගිය රජය සමයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වල නිරතව සිටියදී ඉවත් කෙරුණු සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අද (24දා) යළි මිහින්තලය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා කැඳවනු ලැබූහ.
ඒ අනුව සිවිල් ආරක්ෂක සාමාජිකයින් 50 දෙනෙකු මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පසුගිය රජය සමයේ මිහින්තලය විහාරස්ථානයෙන් මෙම නිලධාරීන් ඉවත් කළ බවත් එම වැරැද්ද නිවැරදි කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්තුමන් ගත් තීරණයට ප්‍රශංසා කරන බව මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන නාහිමිපාණන් පැවසූහ.
වර්තමාන ජනාධිපතිතුමන්ට තමන් සහයෝගය නොදැක්වුවත් මුළු මහත් රටවැසියා වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මිහින්තලේ විහාරස්ථානයට දක්වන ගෞරවය ගැනද නාහිමියන් ප්‍රශංසාව පල කලහ.
අරගල සමයේ තාවකාලි ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් මහජන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව අධිකරණයෙන් දුන් නියෝගය අගය කරන බව කී උන්වහන්සේ,
ජානක පෙරේරා ඝාතනය, ජෝන්පුල්ලේ වෛද්‍යවරයාගේ නිවස ගිනි තැබීම ඇතුළු පරීක්ෂණද යළි පවත්වා රටේ සියලුම වංචා දූෂකයන්ට දඬුවම් දීම සිදු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.


