හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළේය.
හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව පසුගිය 19 වනදා වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මතුගම පොලිසියට බාරදී තිබුණි.
අංක 15 ,ලිබර්ටි මාවත,පහලගොඩ ,පයාගල .ලිපිනයේ පදිංචි පහලගේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අයට අයත් අංක ඩබ්ලිව්.පී.කේ.එක්ස්. 8137 දරණ ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ජගත් විතාන මහතාට අයත් ජගත් ඉන්වෙස්ට්මන්ට් ආයතනය විසින් මිලදී ගෙන එතෙක් හැටන් නැෂනල් බැංකුවේ හිඟ ලිසිං මුදල්ද ගෙවා නිත්‍යානුකුලව පැවරීම සිදුකර ඇති අතර එම ජීප් රථය එකලස්කරණ ලද එකක් බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වලාන දුෂණ මර්දන ඒකකය විසින් එම ජීප් රථය ධාවනය කල රසික බුද්ධික විතාන මහතාව මෙසේ අත්අඩංගුවට ගෙන මතුගම මුලස්ථාන පොලිසියට බාරදීමෙන් අනතුරුව ඊයේ දහවල් අධිකරණයට ඉදිරිපත් කෙරිණි..
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගෙන් විමසු විට තමාට කෑලි එකතුකල වාහන ගැනීමට උවමනාවක් නැති බවත් කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම සුඛෝපබෝගී වාහන එකතුවක් තමා සතුව තිබෙන බවත් එම වාහනයේ ලිපි ලේඛණ සියල්ල නීත්‍යානුකුලව තිබුන නිසා නීත්‍යානුකුල ක්‍රමවේදය අනුව එය මිලදීගත් බවත් ,මෙය වත්මන් රජයේ දේශපාලකයන්ගේ ක්‍රියාවක් බවත් ,එම ජීප් රථය මිලදී ගැනීමේ අවස්ථාවේ ඡායාරුප සහ සියලු ලිපිලේඛන තමන් සතුව පවතින බවත් කවුරු කෙසේ කීවත් තමා සහ තම පුතණුවන් නිර්දෝෂී බවත් පැවසීය.
මතුගම බන්දු තඹවිට/ධනුෂ්ක අඟලවත්ත



