දෙවිනුවර පෙරහැරේ “භානුක” කුලප්පු වෙයි
දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.
කුලප්පු අලියා පහර දීමෙන් ඇත් ගොව්වෙකු තුවාල ලබා ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඉකුත් මාර්තු මස 21 වැනි දින දෙවීනුවර දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කල ස්ථානයේ දී මෙම අලියා කුලප්පු වීම වීශේෂත්වයක් විය.
කෙසේ වෙතත් ඒ සමග පෙරහැර නැරඹීමට පැමීණි පිරීස හිස් ලූලු අත දිව ගිය අතර එම නිසා දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබුණි.
පෙලහැර ගමන් කිරීමද ටික වේලාවකට අඩාල විය.පසුව අලි ඇතුන් ඉවත් කොට පෙරහැර ගමන් කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදි.
කතරගම සිට රැගෙවිත් තිබු “භානුක” නැමැති අලියෙකු එසේ කුලප්පු වී තිබුණි.මැදමුලන පදිංචි තුවාල ලැබු ඇත් ගොව්වාගේ තත්වය බරපතල නොවන බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත් සෙසු ඇත් ගොව්වන් හා වන ජීවී නිලධාරීන් එක්ව කුලප්පු වු අලියා දැඩි පරිශ්‍රමයක් යොදා මෙල්ල කර ගන්නා ලදි.
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිව් වැනි පේලි පෙරහැර එහි බස්නායක නිලමේ ආරච්චිගේ තිලීණ මධුශංක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රාත්‍රි පැවැත්වීමට නියමිතව ඇත.
ක්‍රිෂාන් ජීවක ජයරුක්






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

