ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.
Read Moreඋතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
Read Moreජපානයේ ප්‍රධාන සංඝනායක, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති, කොළඹ අග්‍රශාවක මහාවිහාරාධිපති සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දියානු ජාතික ලේඛක ශකීල් සිද්දික් මහතා ඉංග්‍රීසි බසින් රචිත අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමි චරිතාපදානය “අංජලිකරණීයෝ” ග්‍රන්ථය 2019 ජනවාරි 05 වැනිදා පෙ.ව 9.00 ට කොළඹ – 02 මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි ජනගත කෙරේ.
Read Moreත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.
Read Moreමාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සංධියක බුදු පිළිමයකට හානි කිරීමට සූදානම් වන විට ප‍්‍රදේශවාසි තරුණයන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.
Read Moreමාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප‍්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කර තිබේ.
Read Moreඅධිරාණිගම, ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ඉදි කෙරෙන දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට විහාරාධිපති ප්‍රියංකරගම සුමනවංශ හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.
Read Moreඅන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
Read Moreකෑගල්ල ගලිගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඓතිහාසික බිසෝවෙල රජමහා ලෙන් විහාරයේ ඇතුළත ඇති මහනුවර යුගයට අයත් චිත්‍රවලින් කොටසක් කාලයක සිට විනාශ වෙමින් පවතින බව විහාරාධිපති හා ගලිගමුව දඩුවළගනේ ශ්‍රී චන්දෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ලේඩියංගල සෝරත ස්වාමීන් වහන්සේ පැවසූහ.
Read Moreශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා සවුදි අරාබියානු රජයෙන් ඉල්ලුම් කර ඇත.
Read Moreඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
Read Moreමහරහතන් වහන්සේලා දහසයදහසක් වැඩසිටියේයි සැලකෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කරුණු රැසක් නිසා ලෝකප්‍රකට බෞද්ධ ජනයාගේ මහත් කීර්තියට හා වන්දනීයත්වයට පත් සුවිශේෂී ආරණ්‍ය සේනාසනයකි.
Read Moreමෙම විහාරස්ථානයේ පිහිටා තිබූ වසර දෙසීයකට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ලේ බිත්තියක් පසුගිය දිනවල පැවැති වර්ෂාවත් කඩා සමග වැටීම නිසා එහි තිබූ පොත්පත්, පිඟන් කෝප්ප රාශියක් විනාශ වී තිබේ. එම ආවාස ගෙය අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක පවතින හෙයින් දායක දායිකාවන්ගේ ආධාර මත ඒ අසල ඉදිකරමින් පවතින නව සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ගැනීමට විහාර කාර්ය සාධක සමිතිය බලාපොරොත්තු වෙයි.
Read Moreමඩකලපුව ශ්‍රී මංගලාරාම රජමහ විහාරයට අනුබද්ධව පිහිටුවා ඇති ශ්‍රී සුමනරතන මූලික පිරිවෙනෙහි පවතින අඩුපාඩු සපුරා ගැනීමට විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.
Read Moreබෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreමම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.
Read Moreසියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.
Read Moreමන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.
Read More“මේ දහම් පාසල ආරම්භ කළේ පසුගිය ජනවාරි හත්වැනිදා. මම මේ පන්සලට ඇවිල්ල දැනට අවුරුදු විස්සකට වැඩියි. ගමට පන්සලත් එක්ක දහම් පාසලකුත් අවශ්‍ය බව අපට තේරුම් ගිය නිසා මෙය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. ගමේ හැමෝම වාගේ ගොවිතැන් කරලයි ජීවත් වෙන්නෙ. මේ වනවිට මෙහි දරුවෝ 82ක් පමණ ඉගෙන ගන්නවා. ගුරුවරු 11ක් ඉන්නවා. සංඝාවාසයේ තමයි දැනට මෙය පවත්වාගෙන යන්නේ.”
Read Moreරම්මල කඳු පාමුල දර්ශනීය පසුබිමක කිරම වරාපිටිය සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය ක්‍රි.පූ. පළමු වන සියවසේදී ලංකාවේ රජකම් කළ වළගම්බා නිරිඳුන් විසින් සිදුකළ බවට ජනවහරට අනුව පිළිගැනේ.
Read Moreකොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ පවත්වනු ලැබූ පින්කම් මාලාවක් පසුගියදා (30දා) උන්වහන්සේ වැඩ වාසය කරන කැලණිමුල්ල සඳහම් සිසිල මාපිය සිසිල මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
Read Moreශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති.
Read Moreවිශේෂයෙන්ම ඵෙතිහාසික මානවයන් විසූ බවට සැලකෙන ඉපැරණි ලෙනක්,ඵෙතිහාසික වටිනාකමකින් යුත් ඉපැරණි රජමහා විහාරයක් ලෙසත්, දක්ෂිණ දීපයේ ජනීජනයාගේ ශ්‍රී ලාංකීය බොහෝ බෞද්ධ ජනතාවගේත් අචල විශ්වාසයත් ගෞරවාදරයට පත් ගැටබරු රජ්ජුරු බණ්ඩාරදෙවියන් වෙනුවෙන් තැනූ දේවමන්දිරයක් ලෙසත් මෙම පුදබිම බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට වර්තමානය වන විට පත්වී ඇත. විශේෂයෙන්ම දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි.
Read Moreසම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More12 වැනි සියවසේ දෙවැනි ගජබාහු සහ පළමුවැනි පරාක්‍රමබාහු අතර සිදුවූ සමගි සන්ධානය පිහිටුවා ඇත්තේ මෙම විහාරයෙහි බව චූලවංශයේ සඳහන් වෙයි. මෙම විහාරය පැරණි යුගයේ කල්ලක මහා විහාරය, කල්ලක ලෙන, කළු මහවෙහෙර, කාලවේල විහාරය ලෙස ද හඳුන්වා ඇති බව ද සඳහන් වෙයි. කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල නගරය පසුකර ඇති දොළොස්දාහ හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ සැතපුම් දෙකහමාරක් පමණ ගිය විට මැද්ද කැටිය වැව ආසන්නයේ මෙම විහාරය පිහිටා තිබේ.
Read Moreහින්දුන්ගේ උසස්ම කුලය වන බ්‍රාහ්මණ කුලය අනුගමනය කරන උසස් සංස්කෘතික පසුබිමක් හමුවේ තමන් පැවිදි බවට පත්වුවහොත් පවුලේ අය තමන් පවුලෙන් නෙරපා දමනු ඇති බවට ශර්මා පූජක වරයාගේ මව ඇතුළු සොයුරන් තුළ හටගත් කුකුස එයට හේතු විය. හින්දු පූජක වරයෙකු ලෙස සිටි කාලයේ දී ද බෞද්ධ ජනතාව දානය ගෙන එන විට ශර්මා පූජකවරයාටත් ඉන් කොටසක් පිරිනැමිණි. තමන් හින්දු පූජක වරයෙකු යැයි වෙනස්කොට සැලකීමක් බෞද්ධ මිනිසුන් අතර නොතිබිණි. උන්වහන්සේ තම අදිටනෙහි තිරව පිහිටා සිටියහ.
Read Moreසියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.
Read More