උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්
අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. ඒ එම චෝදනාව සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත්කරමිනි.
උන්වහන්සේ භාරයේ මෙම අලි පැටවා සිටි බවට සැක කිරීමට අවස්ථා ගණනාවක් මතුවුවත් අපරාධ නඩුවකදී සැකය මත පිහිටා කටයුතු කළ නොහැකි බවට සඳහන් කරමින් විත්තිකාර ස්වාමීන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කෙරිණි.
මෙම අලි පැටවාට ධම්මාලෝක හිමියන් හිමකම් පෑමක් සිදු නොකළ හෙයින් අලි පැටවා වනජීවී සංරක්ෂණ ජනරාල්වරයාට භාර දෙන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

popular news
-
Champa Friday, 01 March 2019 04:45 PM
තවත් නඩුවක් තියෙනවා නේද හාමුදුරුවන්ට විරුද්ධව පිරිත් හයියෙන් දැම්ම කියලා? මිලින්ද මොරගොඩ දාපු නඩුවක්? මම බලා ඉන්නේ මේ නඩුවේ තීන්දුව එනකම්. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ගේ ලඟින් යන වාහන වල සද්ද වැඩියි කියලාත් නඩු දාන්න.
Reply : 0 1
lion Saturday, 02 March 2019 05:34 AM
හාමුදුරු කෙනෙක්ද නළුවෙක්ද ? බුද්ද චීවරයට අග්ව්රව නොකර ගිහියෙක් වෙන්න.
Reply : 1 1
Deepal Nirosgh Saturday, 02 March 2019 03:49 PM
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරේ ඇත් පැටවෙක් සිටියා. එසේ තබා ගැනීම නීතිමය වරදක් බැවින් ඇත් පැටවා සමඟ අත් අඩංගුවට ගෙන නඩු පවරනවා. දැන් එසේ ඇත් පැටවෙක් ලබාගත් බවට සාක්ෂි නැතිලු. එහෙනම් මධූෂ් කමෝන්! බය වෙන්න එපා. ඔන්න ඕකයි අවසාන උත්තරය.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

