ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කමිටුවක්
ථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.විජිත නන්ද කුමාර්,
ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඩී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ විද්වත් පිරිසකගෙන් සමන්විත ය.
එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයා ඇතින් පෙරේදා (19) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදුව තිබේ.

popular news
-
rocky Saturday, 23 March 2019 07:31 AM
මේ කටයුත්තෙන් ත්‍රිපිටකයේ අගය ඉහල යන්නෙත් නැහැ. බවුද්ධයන්ට ප්‍රඥාව පහල වෙන්නෙත් නැහැ.. ජීවන තත්වය දියුණු වෙන්නෙත් නැහැ. කිසිම ප්‍රයෝජනයක් රට ජාතිය ආගමට නොලැබෙන නිරර්ථක රැවටිල්ලක්.. මී හරක් වැඩක් වෙනුවෙන් ජනාධිපතිවරයා ජනතාවගේ මුදල් නාස්ති කරනවා. හත් දෙයියනේ තකතීරු කමේ සීමාවක් නැද්ද? කොරන්න දේවල් කොච්චර තියනවද? ව්‍යවස්ථාව කඩකිරීම විනෝදාංශයක් කර ගත අතිගරු පයිත්තියන් තුමා අපිව නිර්වාණයට දක්කන්න හදනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

