saravita-anim2

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

Religion - timelapse 10981 hours ago

LATEST

වළගම්බා යුගයට නෑකම් කියන බලත්ගමුව පුරාණ තපා ගල්ලෙන් විහාරස්ථානය

calendar_today 2018 ජුනි 11 - 10:21 remove_red_eye - 1071  

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති බලත්ගමුව පුරාණ තපා ගල්ලෙන මෙ වන විට කැලෑ වැදී එහි ඇති වටිනා චිත්‍ර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් ඇති සියල්ල විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, උමාඇළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය යනු ඌව පළාතේ විහාරස්ථාන අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා ඉපැරණි විහාරස්ථානයකි.ඌව පළාතේ පිහිටි තනි කළුගලෙන්ම ඉදි වූ එකම විහාර මන්දිරය, ඌවේ විශාලතම ධාතු කරඬුව, නිල් ගරුඬ පාෂාණයෙන් නිම වූ සිරිපතුල, සුමන සමන් දෙවියන් ඇතු පිට වාඩිවී සිටින ඉරියව්ව සහිත අවුරුදු 120ක් පමණ පැරණි එකම දේව ප්‍රතිමාව ආදී එම විහාරස්ථානය සතු ඓතිහාසික වටිනාකම් මෙම විහාරස්ථානය සුවිශේෂී වීමට හේතුවන බව උමාඇළ ශ්‍රී සුදර්

Read More

රට, ජාතිය හා ආගම වෙනුවෙන් සුවිශාල සේවයක් කර මෙරට වැඩිම දරු පරපුරක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් .දිඹුලාගල හාමුදුරුවෝ හෙවත් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව අපවත් වී පෙරේදා (26දා) දිනයට වසර 23ක් සපිරිණි. සිංහල, දමිළ, මුස්ලිම් හා ආදිවාසී ජනතාවට එක සේ සේවය කර, ඉඩම් මැන දී ගොවි ජනපද බිහිකර, පළාතේ වෙහෙර විහාරස්ථාන 86ක් ඉදිකිරීමට මුල් වූ සීලාලංකාර නාහිමියන් 1995 මැයි 26 වැනිදා උදෑසන ගොවිපළට වැඩම කරමින් සිටියදී‍ මැණි

Read More

ධර්ම දේශනා මාලාවක් සඳහා ලබන මස 01 වැනිදා අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් (කොටුවේ පොඩි හාමුදුරුවෝ) දකුණු කොරියාවට වැඩම කිරීමට නියමිතය.

Read More

බළපිටිය, වැලිතර සිරි සුගතසාසනෝදය මහා පරිවේණාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් වෙත ’සිරි විමලනන්දි තිස්ස වංසාවතංස’ යන ගෞරව නාම සම්මුතිය සහිතව අමරපුර මූලවංසික මහා නිකායේ අනුනායක ධුරය පිළිබඳ අක්ත්‍රපත්‍ර ප්‍රදානය, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 26 වැනිදා පස්වරු 2.00ට බළපිටිය වැලිතර අම්

Read More

සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් භික්ෂු සමාජය අතින් ඉටු වන්නේ උත්තරීතර වූ මෙහෙවරකි. ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් උන්වහන්සේලා දහම ගිහියන් වෙත සමීප කිරීමට කටයුතු කරති. වෙනස්ම වූ ආකාරයෙන් එම කටයුත්ත ඉටුකරන කොටුවේ පොඩි හාමුදුරුවන් අද නොදන්නෙකු නොමැත. සිය ශාසනික මෙහෙවරට අමතරව සමාජ වගකීම්ද ඉටුකිරීමෙහිලා මහත් වෙහෙසක් දරන උන්වහන්සේ සමග අද අපි මෙසේ සම්බන්ධ වීමු.

Read More

ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් සිය රාමලාන් උපවාසය සිකුරාදා (18දා) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කරයි.

Read More

බෙලිඅත්ත, විල්අද්දර ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ පිළිම වහන්සේලා හා බිතුසිතුවම් මේ වන විට විනාශ වීමේ අවදානමකට ලක්ව තිබේ.

Read More

ʻʻධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය තැන තැන කඩ සල්පිල් ගාණට වැටිලා” යැයි අස්ගිරි අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නා හිමියෝ පැවසූහ.

Read More

සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ උතුම් දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට අතිශයින්ම ශ්‍රේෂ්ඨ දිනයකි. බෝධි සත්ත්වයන් වහන්සේගේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරයා බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන් මෙම දිනයේ සිදුවීම එයට හේතුවය. මේ හේතුවෙන් බෞද්ධයාගේ සැබෑ අවුරුද්ද වෙසක් උත්සවය ලෙස හැඳින්විය හැකිය. එබැවින් වෙසක් උත්සවය ගෞරවාන්විතව සැමරීම වැදගත්ය.

Read More

වෙසක් පුන් පොහෝ දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන වෙසක් කලාප අතරින් ප්‍රමුඛතාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය මූලික කරගනින් පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයට හිමිවෙයි. රජයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව පාකිස්තානයේ තක්ෂිලා නුවර හා ඉන්දියාවේ සාරාණාත් නුවර වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේලා මහ ජන ගෞරවය සදහා තැන්පත්කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කළාපයේදී ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතූන් මෙන්ම පාකිස්ථානයේ තක්‍ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් මෙම මස 26 දා සිට මැයි 02 දා දක්වා ’’වෙසක් සතිය’’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

බුදුගල රජමහ විහාරයේ ඉදි කළ දෙතිස් රියන් වරද මුද්‍රාව නිරූපිත හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු තැන්පත් කිරීම මෙම මස (26දා) පෙ.ව. 10.03 ට යෙදෙන සුබ මොහොතින් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන් විසින් නිරාවරණය කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජාතික කෞතුගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, මේ පිළිබඳ සොයා බැලීමට වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More

පළමු නිදහස් සටනින් පසුව ඌවේ විහාරස්ථානවල වැඩ සිටි හිමිවරුන් දිවයිනේ සතර දෙසට විසිරී යෑම නිසා බෞද්ධ ජනතාවට ආගමික වතාවත් ඉටුකර ගැනීමේ ගැටලු මතුව තිබූ අවස්ථාවක ඌවපරණගම, මැදවෙල, ගම්මානයේ ඉපිද පිට පළාතක මහණදම් පුරමින් සිටි දෙලුම්ගහවත්තේ ගුණරතන හිමියන් තම උපන් ගමේ ආවාස ගෙයකින් 1831දී ආරම්භ කළ ජිනජෝතිකාරාම පුරාණ මූල මහා විහාරස්ථානය තුළින් වසර 187 කාලය පුරා සිදුවන ආගමික, සමාජීය සේවාවන් අතිවිශාලය. වැලිමඩ නගරයේ සිට

Read More

ඌව පරණගම උළුගල රජමහ විහාරය මේ වන විට විනාශ වී යෑමේ අවදානමකට ලක්ව තිබේ. වළගම්බා රජු විසින් ඉදි කළ බවට පැවසෙන මෙම විහාරස්ථානයේ ඇති වසර සිය ගණනක් පැරණි ආවාසයෙහි වහලය, බිත්ති දිරාපත්ව කඩාවැටීමට ආසන්නව පවතී. මේ අතර එහි තිබෙන පෞරාණික කැටයම් යෙදූ දොර ජනෙල් හා ලෙන් විහාරයේ තිබෙන මහනුවර යුගයට අයත් චිත්‍ර හා මූර්ති විනාශයට පත්ව ඇත.

Read More

බදුල්ල වෙහෙරගොඩ ගම්මානයේ ඉදිකෙරෙන වෙහෙරගොඩ චෛත්‍ය රාජයාගේ වැඩ අවසන් කිරීමට මීගහවෙල වෙහෙරගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පුස්සලකන්දේ සේනානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

Read More

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති එක්ගල්ඔය ආලෝක රජමහ විහාරස්ථානයේ අඩුපාඩු රැසක් ඇති බව එහි විහාරාධිපති කොටාගොඩ ගුණානන්ද හිමියන් සහ විහාරස්ථානයේ දායකයෝ පවසති.

Read More

කන්දේගෙදර දේවානන්ද හිමියන් විසින් 1910 වර්ෂයේදී කටුමැටිවලින් ඉදිකරන ලද ආවාස ගෙය අද වනවිට සියලු විහාරාංගවලින් සපිරි මල්පොත නිග්‍රෝධාරාමය ලෙසින් හඳුන්වන අතර, එය ඌව පළාතේ විහාරස්ථානයක ඇති එකම කෞතුකාගාරයද පවත්වාගෙන යනු ලබමින් සමාජයේ මෙන්ම අාධ්‍යාත්මික දියුණුවද ලබාදෙන්නාවූ පින් බිමකි.

Read More

කොළඹ සම්බෝධී විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්තින්දා සිදුකිරීමට නියමිතය.

Read More

කන්දේමැදගම නිකසලානුවර පිහිටි ඓතිහාසික මහාගිරි චේතියාරාම රජමහා විහාරය වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් මේ වන විට වල්වැදී අභාවයට යමින් පවතී.

Read More

පෞරාණික හා කලාත්මක වශයෙන් මෙරට දැනට ශේෂව පවතින බෝධිඝරවලින් එකක් ලෙස නිල්ලක්ගම බෝධිඝරය පෙන්වා දිය හැකිය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙට්ටිගමවැව ආසන්නයේ එය පිහිටා තිබේ. හෙළ ගෘහ නිර්මාණ ශිල්පයේ මිල කළ නොහැකි දායාදයක් ලෙස මෙම බෝධිඝරය හඳුන්වා දිය හැකිය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල්ගමුවට නුදුරුව ඇති රැස්වෙහෙර ඓතිහාසික පුරාණ විහාර ස්ථානයේ ඇති පැරණි සත් පිළිම විහාර මන්දිරයේ සහ මහ විහාර මන්දිරයේ ඇති මහනුවර යුගයට සම්බන්ධ ඉතා වටිනාකමකින් යුත් චිත්‍ර සහ බුදු පිළිම මේ වනවිට අපැහැදිලි වෙමින් සහ මැකීයමින් පවතින බවට වාර්තාවේ.

Read More

දකුණුලක ගිරුවා පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් කහවත්ත පුරාණ රජමහා විහාරය කෙරෙහි මෙතෙක් පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා එහි මතුව ඇති නටඹුන් අද වනවිට දිනෙන් දින කැලෑවට ගොස් විනාශ වෙමින් පවතින බව එහි විහාරාධිපති පූජ්‍ය වටරක්ගොඩ ඤාණසිරි හිමියෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.