ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට ආරම්භ වෙයි
ත්රිපටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ යෝජනාව නිමිත්තෙන් පවත්වන ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට (16දා) සිට මාර්තු 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපතත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීමේ මහොත්සවය ත්‍රෛනිකායික මහා නායක හමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 දා දළඳා මහමළුවේදී සිදුකිරිමටත් නියමිතය.
ත්‍රිපිටකය මේ වන විට ජාතික උරුමයයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ ප.ව. 6..00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථාවල ශබ්ද පූජා පැවැත්වෙයි. එයට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශනයද පැවැත්වෙයි.

popular news
-
rocky Sunday, 17 March 2019 07:33 AM
ත්‍රිපිටකයට දැන් මොකද වෙන්නේ? එකේ අගය ඉහල යනවද? අපේ ජනතාවට මේ කටයුත්තෙන් විශේෂ යහපතක් සිද්ධ වෙනවද? ජනාධිපතිගේ "පින් එකවුන්ට් එකට" පින් කොච්චර බර වෙනවද? මේ කිසිම පලක් නැති තේරුමක් නැති වැඩේට මේ විදිහටජනතා මුදල් වැය කෙරීම පාපයක් නොවේද? දේශපාලන වාසි ගැනීම සඳහා මෝඩ බෞද්ධයන් රවටමින් කරන මේක මහා මගෝඩි වැඩක් පමණයි. මේ උත්සව වලින් කාට කාට හරි ජරාව ටිකක් කන්න පුළුවනි! මේවා කරන්නද අපි මුන්ට චන්දෙ දුන්නේ! නොදෝමකින්! මුන් බවුද්ධයෝද? එක අතකින් ත්‍රිපිටකය .. අනිත් අතින් දූෂණය!!
Reply : 0 0
බෞද්ධයා Tuesday, 02 April 2019 07:54 AM
දොස්තර කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගිහිල්ලා දීපු බෙහෙත් තුන්ඩුවට දුම් අල්ල අල්ල වැඳ වැඳ ඉන්නවා වගේ වැඩක් මේක. ත්‍රිපිටකය තියෙන්නේ වැඳ වැඳ ඉන්න නෙවෙයි. සංසාර රෝගයට බෙහෙත කියාදුන් උතුම් වෛද්‍යවරයා වූ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදුන් සසරින් ගැලවෙන මාර්ගය තියන බෙහෙත් තුන්ඩුව තමයි ත්‍රිපිටකය කියන්නේ. මේ කරන්න යන්නේ ඒකට වැඳ වැඳ ඉන්න එක. ඉතින් සසරෙන් ගැලවෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

