පළමු වතාවට උතුරේ බොදු සමුළුවක්
උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ බොදු සමළුවක් මාර්තු මස 29දා වව්නියාවේදී පැවත්වීමට සියල්ල සූදානම් බව උතුරු පළත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.
වවුනියාව ශ්‍රී බෝධී දක්ෂණාරාමයේදී බොදු සමළුව පැවත්වීමට සියල්ල සූදානම් කොට ඇති අතර ඒ සඳහා උතුරු පළාතේ මෙන්ම දකුණෙන්ද විහාරාධිපති හිමිවරුන් ඇතුලු 100 කට ආසන්න හිමිවරුන් පිරිසක් මෙම බොදු සමළුවට සහභාගී වීමට නියමිතව ඇත.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී බෝධි දක්ෂිණරාමාධිපති පූජ්‍ය සියඹලා ගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයකට අනුව මෙම බොදු සමළුව පැවත්වෙයි.
බොදු සමුළුව පැවත්වීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් පූර්ණ අනුග්‍රහය ඇතිව බුද්ධ ශාශන අමාත්‍යංශයේද සහය ඇතිව පැවත්වීමට නියමිතය. ඒ සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේදී සහාය ලැබී ඇත.
ඉතිහාසයේ පළමු වතාවට උතුරු පලාතේ බොදු සමළුවක් පැවත්වෙන අතර එමගින් උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීමඋදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, අදහස් හා යෝජනා එහිදී සාකච්ඡා කරනු ලබනඅතර උතුරු පළාතේ පවත්වන බොදු සමුළුව තුලින් ශ්‍රී ලංකාවාසීහාලෝකවාසීසියලූ දෙනාටසුභවාදී පණිවිඩයක් ලබාදීම මෙහි අපේක්ෂාවයි.

popular news
-
Champa Friday, 15 March 2019 03:38 PM
රඝවාන් කියන්නේ දෙබිඩි චරිතයක්. උතුර බෞද්ධකරණීය කරනවා කියා ඉස්සෙල්ලම කිව්වේ රඝවාන්. ඊට ඉස්සෙල්ල මෙහෙම වචනයක් තිබුනේ නැහැ. දැන් ඒ වචනේ දෙමල කොටි ජිනීවා සමුළුව දක්වා අරන් ගිහින් තියෙනව. උතරේ අපේ පෞරාණික සිංහල බෞද්ධ උරුමය වෙනස් කරනවා. දැන් පෙන්නන්න හදන්නේ පන්සල් හැදුවේ යුද්ධෙන් පස්සේ කියලා. ජනවාරි 13 වෙනිදා, රඝවාන්ගේ පලවෙනිම කතාවේදී කිව්වා උතුර බෞද්ධකරණීය කරන එක නවත්තන්න ඕනේ කියල. ඒක අහල ජනවාරි 14 රඝවාන්ගේ දෙමල මිනිස්සු සීයක් දෙසීයක් ගුරුකන්ද විහාරෙට ගිහින් තනියම හිටපු නායක හාමුදුරුවන්ගේ විරුද්ධත්වය නොතකා පන්සලේ බලෙන් කෝවිලක් ඉදිකරන්න පස් කපල මුල්ගල් තිබ්බ. පස්සේ පොලිසියෙන් සහ හමුදාවෙන් ඇවිල්ල නවත්තල නඩුවක් දැම්ම. පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් උසාවියට කිව්වා ගුරුකන්ද පන්සල අවුරුදු 2000 කට වඩා පැරණියි කියල. දැන් ඊයේ පෙරේද රාඝවන් ව්‍යවස්ථාව උල්ලංඝන කරලා ඉන්දියාවට ගිහින් සරණාගතයෝ ගේනන සාකච්චා කරන්න යනව. මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මෛත්‍රී. එයා කලොත් සිංහලයෝ විරුද්ධ වෙන නිසා රඝවාන් ලව්වා කරවනවා දෙමල උතුරේ චන්ද ගන්න. උතුර බෞද්ධකරණීය කරනව කියපු රඝවාන් දැන් බොදු සමුළු තියන එක තමයි ලොකුම රැවටීම.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

