සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල මෙවරත්
සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න තිස්සහේවාවසම් මහතා විසින් පවත්වනු ලබන වෙසක් භූමිතෙල් දන්සැල 20 වරට මෙවර පැවැත්විණ .
සාධාරණ ස්ටෝර්ස් ඉදරියේ සිට රිදීමාලියද්ද රිටිගහඅරාව ශ්‍රී වජිරවංශ ධර්මාශ්‍රමය දක්වා භූමිතෙල් බැරල් ප්රවාහණය කිරීම සිදුවූයේ ලොරි රථයකිනි.
මෙහිදී රිටිගහඅරාව, බලදංගොල්ල , මකුලේමඩ, ඌරාකොට, උඩයාය සහ උකුරැස්සකැටිය යන ගම්මාන වල අඩුආදායම් පවුල් 400 කට මෙහිදී භූමිතෙල් ලබාදුන්නේය. මේ අවස්ථාවට ධර්මාශ්රමාධිපති මාවනාගම ගුණරත්න හිමියෝද සහභාගිවූහ.
ඊට අමතරව දිවයිනේ දිස්ත්‍රික් 15 දුෂ්කර විහාරස්ථාන 114 ක විදුලිය බිල ගෙවන ඔහු මේ වන විට විදුලිය බිල් ගෙවූ බිල්පත් වන බර කිලෝ 15 කි .
රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබේ. තමා සාධාරණය උපයන මුදල් මෙසේ පුන්‍යමය ක ටයුතු සදහා වැය කරන බව ඔහු පවසන්නේය.
පාලිත ආරියවංශ




popular news
-
wimal Sunday, 19 May 2019 11:39 AM
ඔබ වැන්නන අප රටට සම්පතකි ... ඔබට දිර්ගයු සහ ඔබ ගේ ව්‍යාපාර දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා ...!
Reply : 0 49
Kumar Sunday, 19 May 2019 07:43 PM
අඩු අදායම් ලබන අයට ඇත දෙන මේ මුදලාලි මහත්මයා වගේ අය තව කිහිපදෙනෙක් ඉන්නවනම් රට දියුවෙනවා. තමාට හැකි ආකාරයට අන්යට අතදෙන ඔබතුමාට පිං සිදුවෙනවාමයි
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

