පාසල් ආරම්භය කල් දමන්නැයි මහ නාහිමිවරු ඉල්ලති
රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවැනි පාසැල්වාරය ආරම්භ කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත් නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
සිංහලේ අපි සංවිධානයේ හා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජික පිරිසක් අද (05දා) මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමියෝ මේ බව පැවසූ අතර අස්ගිරි මහනාහිමියෝ විශේෂ මාධ්‍යය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනපති.අගමැති,කැබිනට් මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය එක්ව සාකච්ඡා කර රටේ ආරක්ෂාව සම්බන්ධව ජනතාවට නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවත් රටේ ආරක්ෂාව නිශ්චිතව තහවුරු වන තුරු පාසැල් විවෘත කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්යය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ප්‍රකාසයක් කරමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකීමේදී පාසැල් විවෘත කිරීමට උචිත තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවත් පාසැල් වලින් කොටසක් විවෘත කර තවත් කොටසක් වසා තැබීම තුළින් ගම්‍ය වන්නේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් පවතින බව යැයිද ආරක්ෂාව නිශ්චිතව තහවුරුවූ පසු සියලු පාසැල් එකවර විවෘත කිරීම වඩා යෝග්‍යය බවද පැවසූහ.
චමිල් රූපසිංහ

popular news
-
Champa Monday, 06 May 2019 02:54 AM
මහනායකහිමිවරු කියන කතාව ඇත්ත. තවත් බෝම්බ පුපුරයි කියල මම හිතන්නේ නැහැ. නමුත් මේ දවසට දෙකට රට පුරා අහු වෙච්ච කඩු, පිහි, මන්න, පුපුරන ද්‍රව්‍ය, උණ්ඩ සහ අත් බෝම්බ කියන්නේ භයානක කතාවක්. ඒ නිසා තව සෝදිසි කිරීම් කරන තුරු සතියක් පාසල් කල් දාන එක සුදුසුයි. මේ තරම් අවි ආයුධ තැන තැන වල රැස් කරගෙන තියා ඉඳල තියෙන්නේ කතෝලිකයන්ට ගහන්න නෙමෙයි කියන එක සිහි බුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට පේනවා. පල්ලියකින් දෙකකින් පටන් අරන් පන්සල් වලින් ඉවර කරන්න හිතා ඉඳල තියෙනව. නිරායුධ සිංහලයන්, විශේෂයෙන් බෞද්ධයන් ජාතිවාදී ගැටුමකට උවමනාවෙන්ම ඇදල අරගෙන ඔවුන් සමූල ඝාතනය කරන්න සැලැස්මක් මුස්ලිම් ත්රස්තවාදීන් අත තිබිල තියෙනව, ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව. රටේ වාසනාවට වැඩේ හිතපු විදිහට සිද්ධ වුනේ නැහැ. වෙන්න තිබ්බ මහා ඛේදවාචකයෙන් වුනේ 1%ක් වගේ සුළු ප්‍රමාණයක්. දෙමල ත්රස්තවාදීන් හිටියේ උතුරේ නිසා දකුණේ බෝම්බ පිපුරුවත් දකුණේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනජීවිතය බරපතල විදිහට කඩ වුනේ නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදය එහෙම නෙමෙයි, අප ඝාතනය කරන්න අප නොදැනුවත්වම අප අවට පිරිස් කඩු පිහි තියන් සූදානම් වෙලා හිටිය කියන කොට තැතිගැන්මක් ඇති වෙනවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

