saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11598 hours ago

LATEST

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදයක් - පාඨලී

calendar_today 2018 නොවැ 30 - 10:41 remove_red_eye - 1146  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (30 දා) හා 03 දා සලකා බැලීමට නියමිතය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමු සඳහා වෙලාවන් වෙන් කර තිබේ.

Read More

40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග සහ සුරීන් චාමිකර යන නිර්මාණකරුවන් දෙදෙනා එහි ආරාධිතයන් ලෙස පැමිණ සිටි දේශපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

Read More

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ඊයේ දින දහවල් 12.30ට පමණ මටිටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 460ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කතානායක කරු ජයසූරියට මහතා අයුක්තියට වැඩ කරන බැවින් ජම්පරය මතක්වී තිබෙන බවඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29)පැවැසීය.

Read More

දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

Read More

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිසකට දඩයක්කරුවන් විසින් බඳින ලද තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබළෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇති බවට යුද හමුදාව කියා සිටියේය.

Read More

මේ දිනවල පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම උපරිමය දක්වා පැමීණිම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගඟ පහළ ජනතාවට සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසති.

Read More

සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අමද්‍යප මහා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

Read More

මෙරට පවතින දේශපාලන අරාජිකත්වය නැති කරමින් ස්ථිර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් දසලක්ෂයක් ලබා ගැනිමේ ජාතික වැඩ සටහනට සමගාමිව ගිනිගත්හේන නගරයේ අත්සන් ලබා ගැනිම අද ගිනිගත්හේන ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේදි සිදු කෙරිණි.

Read More

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තණ්ඩිය වලහාපිටිය ප්‍රදේශයේදි අද සවස හැමිල්ටන් ඇළට පෙරළි ඇත.

Read More

වී අලෙවි මණ්ඩලය PMB RICE” වෙළෙද නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙදපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අළුයම නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය ප්‍රකාශ කොට සිටියේය.

Read More

ඔහු මේ පිළිබදව සදහන් කළේ ඊයේ දින අරලියගහ මන්දිරයේ පැවති පළාත් පාලන නියෝජිතයින් හමු වු අවස්ථාවේදීය.

Read More

වව්නියාව දිස්ත්‍රික්කය තුළ ඉතාම සුළු වශයෙන් සමාජ සේවා කටයුතු වල නිරත වන ද්‍රවිඩ පුද්ගලයෙකු වව්නියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ ඉගෙනුම ලබන සිසු දරුවන්ට ලබන වර්ෂය සදහා පොත්පත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී.

Read More

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

Read More

රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පත්වා තිබේ.

Read More

මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , චන්ද්‍රසිරි ගජදීර , බිමල් රත්නායක , සහ මාවෙයි සේනාධිරාජා මහත්වරුන් නම්කර තිබේ.

Read More

ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාවේ දුෂ්කර පාසල්හි අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය දියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව වව්නියාව ඇටඹගස්කඩ පාසලේ අඩු පහසුකම් යටතේ ඉගෙනුම ලබන දූ දරුවන් සදහා අධ්‍යාපනික පාසල් උපකරණ බෙදාදීමෙ වැඩසටහනක් එම පාසලේදී පවත්වන ලදි.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ.

Read More

මෛත්‍රීපාල සි‍රිසේන, මහින්ද රාජපක්ෂ දීගයේ හැට්ටකටු ගලවන්නත් කලින් ළමයි හම්බවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .

Read More

“බහුතරයේ මතය ක්‍රියාත්මක කිරිම කිසිකලෙක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.’’

Read More

අම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා .

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය.

Read More

තමන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Read More

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය සම්මත්වුවහොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරියෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.