යොවුන් නිර්මාණකරුවෝ දෙදෙනෙක් දේශපාලනඥයින් අතින් යෞවන සම්මාන ගැනීම ප්රතික්ෂේප කරති
40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග සහ සුරීන් චාමිකර යන නිර්මාණකරුවන් දෙදෙනා එහි ආරාධිතයන් ලෙස පැමිණ සිටි දේශපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීම ප්රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
ඒ වෙනුවට ඔවුන් ඒ මොහොතේ සම්මාන ප්රදානෝත්සව වේදිකාවේ සිටි කලාකරුවන් අතින් තමන්ට හිමි සම්මාන ලබාගත් අතර, අනපේක්ෂිතව සිදු වූ එම සිදුවීම සුවිශේෂී කතාබහක් ඇති වීමටද හේතු විය.


popular news
-
මුනසිංහ Friday, 30 November 2018 11:10 AM
නිර්මාන කරුවන් වුනත් උත්සවය කදී හැසිරෙන විදිය ගැන කනගාටුයි.
Reply : 68 47
chithrananda Saturday, 01 December 2018 05:14 AM
නැහැ .ඔවුන් කල දේ හරි.මොකද අපේ රටේ මතයක් තියෙනවා දේශපාලකයා නැතිව කිසි දෙයක් පවතින්නේ නැහැ වගේ අදහසක්.හැම උත්සවයකම ප්රධාන ආරාධිතයා බොහෝ දුරට දේශපාලකයෙක්.ප්රතිපත්ති ගරුක කෙනෙක් නම් කමක් නැහැ.එත් එහෙට මෙහෙට පැන පැන දුෂණ චෝදනා තියෙන කට ඇරියොත් බොරු කියන මේ අයගේ අතින් සම්මාන දුන්නහම ඒ සම්මානෙත් බාල්දු වෙනවා.
Reply : 0 3
Nandana Friday, 30 November 2018 11:13 AM
හොඳ දක්ෂ තරුණයෝ දෙදෙනෙක් , ඕව තමා රටේ ප්රයෝගික ආදර්ශ.දේශපාලුවෝ පස්සේ යන උන්ට මේවා හොඳ පාඩම් .
Reply : 42 56
samson Friday, 30 November 2018 12:09 PM
අන්න නියම වැඩ. මෙම කලාකරුවන් දෙදෙනා හොඳ ආදර්ශයක් දුන්නේ. මේ රටේ ජනතාව මෙම ආදර්ශයෙන් හොඳ පාඩමක් ඉගෙන ගනීවි යයි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවට ගිහින් රස්තියාදුකාරයෝ මෙන් හැසිරෙන මේ අයවට ප්රසිද්ධ උත්සව වලට විශේෂ අමුත්තන් හැටියට ගෙන්වා ගන්න අයටත් මඩු වලිගෙන් තලන්න ඕනේ.
Reply : 48 62
රෝහණ Saturday, 01 December 2018 06:16 PM
මොවුන්ගේ දක්ෂකම් පමණක් රටට වැඩක් නැත. තරුණ බව මෝඩ කම බව පෙන්වීමට තරම් මොවුන්ගේ හැසිරීම පහත් මට්ටමක ඇති බව පෙනේ. මෙම මෝඩයන් කැමති හෝ අකමැති උනත් ලංකාව තුල දේශපාලනය ඉදිරියටත් පවතිනු ඇති, මෙවැනි උත්සව උන්මත්තකයන් සදහා නොවන බව සංවිධායකයින් විසින් ඔවුන්ට කිව යුතුව තිබුණි.
Reply : 4 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

