නාත්තණ්ඩියේදි බස් රථයක් ඇළකට පෙරළේ - 3ක් මරුට 20 කට තුවාල
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තණ්ඩිය වලහාපිටිය ප්රදේශයේදි අද සවස හැමිල්ටන් ඇළට පෙරළි ඇත.
බස් රථයේ ගමන් ගත් තුන්දෙනෙක් මියගොස් 19ක් පමණ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කල බව මාරවිල පොලීසිය පවසයි
අද සවස 3.30ට පමණ මෙම අනතුර වි ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදි බස් රථයේ මගීන් 30ත් 40ත් අතර ප්රමාණයක් සිට ඇති බවට තොරතුරු හෙළිවු බව පොලීසිය පවසයි.
මියගිය පිරිස හා තුවාල ලැබු පිරිස මෙයට වඩා වැඩිවිය හැකි බව ගලවාගැනිමේ මෙහෙයුමේ යෙදි සිටින නිලධාරියෙක් පැවසීය.
බස් රථය අඩි 3 ක් පමණ ගැඹුරු ජලයේ සිර වි ඇති බවත් මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයන් බස් රථයට යටවි තිබෙනවාද යන්න සොයා බැලිමට මෙහෙයුම සිදු කරමින් තිබෙන බවත් පොලීසිය පැවසීය.
බස් රථයේ අධික වේගය නිසා රියදුරාට බස් රථය පාලනය කරගත නොහැකිව මෙලෙස බස් රථය ඇළට පෙරළි ඇති බවට මූලික පරීක්ෂණ වලදි හෙළි වු බව පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
