අපි පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ පාර්ලිමේන්තුවෙන් කන්නෙත් නැහැ
කතානායක කරු ජයසූරියට මහතා අයුක්තියට වැඩ කරන බැවින් ජම්පරය මතක්වී තිබෙන බවඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29)පැවැසීය.
කතානායකවරයා යුක්තිය, සාධාරණය අනුව කටයුතු කළහොත්ජම්පරය ඇදීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ කැඳවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ,
"යුක්තිය ඉටුකර ජම්පරය වුනත් අඳින්න තමන් සූදානම් බව කතානායකවරයා කියා තිබුණා. යුක්තිය, සාධාරණය ඉටුකරනවානම් මොකටද ජම්පර අඳින්නේ. අයුක්තියට වැඩකරන නිසා කතානායකවරයාට ජම්පරය මතක් වෙනවා ඇති. කවදාවත් පාර්ලිමේන්තුවට හිස් න්‍යායපත්‍රයක් ආවේ නැහැ. නමුත් පසුගිය 14 වැනිදා සිට අද දක්වාම පාර්ලිමේන්තුව රැස්වෙන්නේ න්‍යායපත්‍රයක් නැතුවයි. නියමාකාරයෙන් පාර්ලිමේන්තු න්‍යායපත්‍රයක් සකස් කරනතුරු අපි පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවෙන් කන්නෙත් නැහැ.
ඒ බව අපි පාර්ලිමේන්තු භෝජනාගාරයටත් දැනුම් දුන්නා. අපි පාර්ලිමේන්තුවට යන්නේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට විතරයි. දැන් වෙන්නේ විපක්ෂයම යෝජනා ගෙනල්ලා ඒ අයම සම්මත කර ගන්නවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න පෙර යෝජනාව මොකද්ද කියලා පක්ෂ නායකයන්ට කියන්න ඕන. ඊට පස්සේ විවාදයට දින නියම කරලා න්යායපත්රයට ඇතුළත් කරනවා. න්‍යායපත්‍රයක් හදලා නියමානුකූලව වැඩ පටන්ගන්නවනම් හෙට වුනත් පාර්ලිමේන්තු යන්න අපි සූදානම්.
විධායකය විසින් ගත් තීරණ ව්‍යවස්ථාදායකය විසින් අනුමත නොකිරීම නිසා අද විශාල අර්බුධයක් ඇතිවෙලා තිබෙනවා. විධායකය හා ව්‍යවස්ථාදායකය සාකච්ඡාකරලා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතුයි. මේ අස්ථාවර බව විසඳීම සඳහා කතානායකවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කළ යුතුයි. එහෙම සාකච්ඡාවක් නොපවත්වනතාක් කල් මේ අර්බුධය පවතිනවා. පාර්ලිමේන්තුව අස්ථාවරකිරීමේ වගකීම කතානායකවරයා විසින් භාරගත යුතුමයි.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව රැස්වන දින ගණනක් තිබෙනවා. කතානායකවරයා දිගටම පාර්ලිමේන්තුව කැඳවනවා."

popular news
-
rocky Friday, 30 November 2018 05:32 AM
බල්ලන් උඩු බිරුවාට කන්දක් මිටි වන්නේ නැත!
Reply : 0 0
Batangala Friday, 30 November 2018 06:54 AM
වැඩේ මාට්ටු වුනාට පස්සේ දැන් කන්න ලජ්ජා හිතුනද?
Reply : 0 8
dayan Friday, 30 November 2018 07:56 AM
මේ අය අන්තිමේ පාර්ලිමේන්තුවත් හොරකම් කරන්නයි බැලුවේ. කතානායකතුමා ඉතා කරදර මැද්දේ ඒක අපිට රැකලා දුන්න.
Reply : 0 7
Lion Friday, 30 November 2018 08:50 AM
Paw nodi marila yanna barida
Reply : 0 7
Sanath Friday, 30 November 2018 10:19 AM
ඔයාලා කාපු ටික මිනිස්සුන්ට හොඳටම ඇති.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
