ආවා නායකයා භාර වුවත් උතුරේ ගැටුම් තවමත්
යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්රදේශයේ පිහිටි නිවසකට අද අළුයම නාදුනන පිරිසක් විසින් පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය ප්රකාශ කොට සිටියේය.
වයිමන් පාරේ පදිංචි පංචලිංගම් තුසීලන් නැමත්තාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී ඇති අතර එම ප්රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට තිබු ත්රීරෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අසල්වාසීන් විසින් මෙම ප්රහාරය ආවා කල්ලියේ ප්රහාරයක් බවට කියා සිටියද යාපනය පොලීසිය කියා සිටියේ මෙම ප්රහාරය මුදල් ආරවුලක් මත සිදු වූවක් බවට සැක කරන බවටයි.
කෙසේ වෙතත් අදාළ පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල කල පිරිස් මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ආවා කල්ලියේ නායකයා අධිකරණයට භාර වීමත් සමග එම කල්ලියේ ප්රහාරයක් නොවන බවටත් මෙම සිදුවීම පෞද්ගලික මුදල් ආරවුලක් මත සිදු වූවක්යැයි සැක කරන බවටත් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
