PMB RICE පළමු ඇසුරුම ජනපතිට පිළිගන්වයි.
වී අලෙවි මණ්ඩලය PMB RICE” වෙළෙද නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙදපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
වී අළෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන අතර, එය රට පුරා දිස්ති‍්‍රක්ක 19 ක ගබඩා 220 කදී සිදු කෙරේ. මෙසේ මිල දී ගන්නා වී තොග ඉහළ ප්‍රමිතියකින් යුත් සහල් බවට පත් කර රට පුරා පාරිභෝගික ජනතාව අතරට පත්කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මගපෙන්වීමෙන් වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.
වී අලෙවි මණ්ඩලය සහල් වෙළෙ`දපොළට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වන අතර ,සියයට සියයක්ම දේශීයයි, යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙකි සහල් සැකසීම වෙළෙදපොළේ ඇති සහල් මිල පාලනය සදහා ගත් පියවරක් මෙන්ම පාරිභෝගිකයන් හට සහන මිලක් යටතේ හොදම සහල් මිල දී ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී සදහා හොද මිලක් ලබාදීමේ අවස්ථාවකි.
ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධන සංගම් මගින් පාරිභෝගික ජනතාව අතට PMB සහල් ලබාදීමට බලාපොරොත්තු වන අතර, එසේම රට තුළ සහල් අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට වෙළෙදපොළට ද නිකුත් කිරීමට අපේක්ෂිතය.

popular news
-
dhamneth Friday, 30 November 2018 05:36 AM
1993 දීත් කිලෝව රු.7,50 ගණනේ පි ඇම්.බි සහල් තිබුන.
Reply : 0 0
rocky Friday, 30 November 2018 05:39 AM
ජනාධිපති තුමාට නොව මෙය පිලි ගැන්වීමට තිබුනේ ඩඩ්ලි සිරිසේන මහතාට හෝ නිපුන නයා ටය!
Reply : 0 0
සිංහයොත් බලු වෙනවා Friday, 30 November 2018 07:35 AM
තව මේකට එක්කෙනෙක් අඩුයි. කෝ ඩඩ්ලි සිරිසේන . ජනතාවට ගොනාට අන්දනවා . තම සොහොයුරා , තම පක්ෂයේ මන්ත්‍රී දෙන්නෙක් සහල් බිස්නස් කරන හවුලෙන් මොන බොරු මව පෑම්ද? සහල් ගෝනි සුළු ප්‍රමාණයක් මදය සංදර්ශන වලට නිපදවල ජනතාව ගොනාට අන්දවන්න කැමරාවට පෙන්න වැඩ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
