දුෂ්කර පාසලකට සවියක් වු උතුරේ රණවිරුවෝ
ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාවේ දුෂ්කර පාසල්හි අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය දියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව වව්නියාව ඇටඹගස්කඩ පාසලේ අඩු පහසුකම් යටතේ ඉගෙනුම ලබන දූ දරුවන් සදහා අධ්‍යාපනික පාසල් උපකරණ බෙදාදීමෙ වැඩසටහනක් එම පාසලේදී පවත්වන ලදි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් මහතාගේ ආරාධනාවකට අනුව කොළඹ රාජා ජුවලස් පුද්ගලික සමාගම විසින් අදාළ අධ්‍යාපනික උපකරණ සඳහා මූල්‍යාධාර ලබා දී ඇත.
ඇටඹගස්කඩ පාසලේ පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දුදරුවන් 71දෙනෙකු සදහා අදාළ අධ්‍යාපනික උපකරණ බෙදා දීමට කටයුතු සිදු කල අතර මෙම අවස්ථාවට 56 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතාගේ අධික්ෂණය යටතේ 563 බළසේනා මුලස්ථානයට අයත් 21 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් විසින් මෙය සංවිධානය කොට තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
