saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10870 hours ago

LATEST

විමර්ශවලදී තරාතිරම වැදගත් නෑ

calendar_today 2019 මැයි 09 - 22:52 remove_red_eye - 502  

අප සිදුකරන මෙහෙයුම්වලදීත්, විමර්ශනවලදීත් පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බව කියන්න කැමතියි. විමර්ශනවලදී මෙහෙයුම්වලදී පුද්ගලයින්ගේ තනතුරු ගැන නොසළකා කටයුතු කර තිබෙනවා.

වෙසක් පොහොය දිනට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් නොකළාහොත් 18 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව මහානායක සංඝරත්නය පෙරටුකරගත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ අද (09දා) පැවසූහ.

Read More

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා හෝ අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

මේවනවිට රටේ ණය ප්‍රමණය රුයල් බිලියන 11,977ක් බවට පත්ව ඇති අතර, 2018 වසර තුළ පමණක් ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

උලමා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යයට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදෙයි.

Read More

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

අභ්‍යන්තරව හුවමාරුවූ මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි කාන්තාවකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Read More

ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාදාමයේදි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තිරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (09) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ලංකවේ අනිත් ජතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන මෙහෙයුම්වලට අදාළව දැනට කිහිප දිනකට පෙර මෙම බෝම්බකරුගේ සහෝදරයාත්, මෙම බෝම්බ ප්‍රහාරයේදී ඔහුත් සමග සමීපව සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

Read More

මුස්ලිම් අන්තවාදි දේශන ඇතුලත් කැසට් පට සමඟ හිටපු පූජකවරයෙක් රාජගිරිය නාවල පාර නිවසකදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

Read More

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‌ අද පෙරවරුවේ මහානායක හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read More

නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

Read More

අනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක් මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික/කොණ්ඩ ඉන්දික නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වලින් අත්අඩංගුවට පත්වන තියුණු ආයුධ ඇතුළු අනෙකුත් අවි ආයුධ මාධ්‍ය හරහා නොපෙන්වන ලෙසට රජය විසින් මාධ්‍ය වෙත පැනවූ නියෝගයට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්විය.

Read More

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා කඩු, කිනිසි ඇතුළු තියුණු ආයුධත් අනෙකුත් අවි ආයුධත් මාධ්‍ය වල පළකිරිමෙන් වළකින ලෙස රජය මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියේය.

Read More

මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තවමත් ආරම්භ නොකළ කතෝලික පාසල් එළැඹෙන 14 දා ආරම්භ කිරීමට සළකා බලන බව අඟරඳගුරු රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණෝ පවසති.

Read More

පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස්කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන සැකකරු මේ මස 23දා තෙක් තවදුරටත් රිමාන්ඩ්භාරයේ තබන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) නියෝග කළේය.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරිමේ චෝදනාවන්ට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකුහට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප්‍රදේශයේ පලාවෙල දොළ ආශ්‍රිතතව තිබු සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් පහක් සහ වයර් කිහිපයක් ඊයේ (8) දා සවස හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී තිබේ.

Read More

අතිඋතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණන් ඇතුළුව රඳගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.