ගාල්ලේ මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න දුන්නෑ කියන කථාව බොරු
ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා හෝ අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
මීට පෙර සැලසුම් කළ පරිදි වෙසක් උත්සවය හික්කඩුව, තොටගමුව රන්පත් විහාරයේදී පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික වෙසක්දින උත්සවය සංවිධානය කිරීම සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,
''ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා ආරක්ෂාව පිළිබඳ තහවුරු කර තිබෙනවා. ජාතික වෙසක් උත්සවය පවත්වන හික්කඩුව තොටගමුව රත්පත් රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිම බාධාවකින් තොරව සිදුකෙරෙනවා.
ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් කෝටි ගණනක සංවර්ධන කටයුතු එම විහාරස්ථානය මුල්කරගෙන සිදුකරනවා. කිසිම හේතුවක් නිසා ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීම නවත්වන්නේ නැහැ. ඉදිකිරීම්, සැරසිලි කටයුතු දැනටමත් කරනවා. මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත්, සමස්ත ශ්‍රී ලංකාවේමත් වෙසක් සැමරීම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට අපි කටයුතු යොදනවා. රජයක් ලෙස ඊට අවශ්‍ය ආරක්ෂාවලබාදීමටකටයුතුකරතිබෙනවා.
ඇතැම් වෛරී දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්රචාරකරගෙනයනවා. ගාල්ලේ ඉස්ලාම් පල්ලි පරීක්ෂා කළේ නැහැ කියනවා. පරීක්ෂා කිරීම්වලට අපි ඉඩ දුන්නේ නැහැ කියා කියනවා. බෝම්බ ප්‍රහාරය සිදුවූ වහාම අපි ගාල්ලේ ආරක්ෂක කමිටුව කැඳවලා ගාල්ල දිස්ත්‍රික්කයේම තිබෙන සියලු මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න කියලා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා."

popular news
-
මුණසිංහ Friday, 10 May 2019 10:39 AM
දන්ෙනා දනිත්
Reply : 1 0
මුණසිංහ Friday, 10 May 2019 11:26 AM
දන්ෙනා් දනිත් සත්‍ය.
Reply : 0 0
Champa Saturday, 11 May 2019 11:57 AM
මගේ comments දෙක කෝ බයගුල්ල? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැහැ. මම කියපු එක තමයි වහල් ආණ්ඩුව කරන්න හිටියේ. මහා භයානක සැලසුමක් ගහල ගියා. මොකොද ඔච්චර බය? ඔක්කොටම වඩා පත්තරකාරයෝ ආණ්ඩුවට බයයි.
Reply : 0 0
Champa Saturday, 11 May 2019 12:10 PM
Hey excuse me, Editor - අර බයගුල්ල කියල කියපු comment එක ඉල්ලා අස් කරගන්නවා. පස්සේ දැක්ක මම ඒක පොස්ට් කරලා තියෙන්නේ වෙන තැනක. කොහෙද අප්පා. ලියන්න ගිහාම තිසා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙලාවකට. ලියපු news item මතකත් නැහැ. ඒ වුනාට මගේ සමහර දාල තිබුනේ නැහැ වෙන දවස්වල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

