මීගමුවේදී ඇතැම් අය කඩු භාවිත කළා
මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
අද පෙරවරුවේදී කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. එසේම තමන්වහන්සේ මීගමුවේ ඇති සියලු නිවාස පරීක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදුනොවුණ බවත් සඳහන් කළහ.
මීගමුවේදී ඒ ආකාරයෙන් පරීක්ෂා කිරිමක් වූයේ නම් කඩු ඇතුළු තියුණු ආයුධ ජනතාව අතර පැවැතියේ කෙසේදැයිද ප්‍රශ්න කළහ.
කෙසේ වෙතත් මිට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මීගමුවේදී තියුණු ආයුධ භාවිත කිරිමක් සිදුනොකර ඇති බවත් ආරක්ෂක අංශකළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් එසේ තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුනොවූ බවය.
ඡායාරූප ඉසුරු පෙරේරා





popular news
-
rocky Thursday, 09 May 2019 02:36 PM
ඇත්ත කියන්නට තරම් එඩිතර කමක් තියන නායකයෙකු වශයෙන් මේ රටේ සිටින්නේ ඔබ වහන්සේ විතරක් ය කියා මට සිතෙනවා! බවුද්ධයකු වන මගේ නමස්කාරය, ඔබ වහන්සේට!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

