Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
භානුක අමරසිංහ/ඡායාරූප - ශමීර රාජපක්ෂ
පාස්කු ඉරිදා දිනයේදී කිතුණු ආගමිකයන් ඉලක්ක කරගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකින අතරම,ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීමට අවස්ථාව උදාකරන රැඩිකල් අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් ඇති නොවීමට ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළම සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාවක් නිර්මාණය වී ඇතැයි මුස්ලිම් දේශපාලන නායකයන් සහ මුස්ලිම් ආගමික සංවිධාන ඇතුළු සමාජ සංවිධාන පවසයි.
සමස්ත ලංකා ජමිය්යතුල්ලා උලමා සංවිධානය විසින් අද කොළඹදී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී මේ කරුණු සඳහන් කෙරිණි. ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම්, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, ෆයිසර් මුස්තාපා ඇතුළු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මෙන්ම සමස්ත ලංකා ජමිය්යතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද සහභාගි විය.
මීට සම්බන්ධ වුණු ජල සම්පාදන සහ ජලාපවාහන අමාත්‍ය රවූෆ් හකීම් මහතා, මේ වනවිට රට තුළ අධි අවදානම් තත්ත්වයක් උදා වී තිබෙන බවත්, රට නැවත යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා සෑම දෙනා තුළම වගකීමක් පවතින බවත් පවසා සිටියේය. විශේෂයෙන්ම මෙවැනි මරාන්තික ප්‍රහාර එල්ල කරන කල්ලියක් සිය මුස්ලිම් ආගම තුළ සිටීම පිළිබඳව ආවේගයට පත්වන බව පැවසූ අමාත්‍යවරයා තමන්ට ඒ පිළිබඳව ස්වයං විවේචචනයක්ද පවතින බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන්, මෙම ප්‍රහාරය එල්ල වීම පිළිබඳව මුස්ලිම් ජනතාව දැන සිටියාද යනුවෙන් සමාජය තුළ සැකයක් පැවතියත් එය එසේ නොවන බව පවසා සිටියේය.
"මේ අවාසනාවන්ත පිරිස මේ දේ මොන හේතුවකට කළාද කියලා අපිත් දන්නේ නැහැ. දැන් සිදුකරන පරීක්ෂණ අනුව ආරක්ෂක හමුදාවට තමයි ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ."
මේ අතරම පසුගිය කාලසීමාවේදී රට පුරා සිදුකළ සොයා ගැනීම් සම්බන්ධයෙන්ද හෙතෙම කරුණු දැක්වීය. ඒ අනුව රට පුරා මුස්ලිම් පල්ලි 1000 ක් පරීක්ෂා කළත්, කඩු ඇතුළු තියුණු ආයුධ හමුවී ඇත්තේ ස්ථාන තුනකදී පමණක් බවද ඔහු සඳහන් කළේය.
"ජනාධිපතිතුමත් ආරක්ෂක අංශවලට කියලා තියෙනවා සෑම ගෙදරකම වගේම කඩුවක් වගේ තියෙනවා කියලා. මේ කඩු තියා ගෙන ඉන්නේ ආත්මාරක්ෂාවට.විශේෂයෙන්ම අපේ ගෙවල්වල ඉන්න ගැහැණු දරුවන් ආරක්ෂා කරන්න තමයි මේ කඩු තියෙන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ නිසා මේ විදියට කඩු අත්අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියලත් ජනාධිපති තුමා කියලා තියෙනවා." ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුව හුදෙක් සමස්ත ලංකා ජමිය්යතුල්ලා උලමා සංවිධානයේ අදහස් දැක්වීමක් සඳහා පමණක් සීමා වූ අතර, පැමිණ සිටි කිසිදු මාධ්‍යවේදියෙකුට ඊට සහභාගි වූ මුස්ලිම් දේශපාලන නායකයින්ගෙන් හෝ එම සංවිධානයේ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න විචාරීමක් සඳහා අවස්ථාවක් ලබාදීමක් සිදු නොවුණි.
ඡායාරූපය ශමිර රාජපක්ෂ
popular news
ranjith Thursday, 09 May 2019 08:55 PM
ගෙහෙනු දරුවන් ආරක්ෂා කරන්නද කදු තියෙන්නේ මේ ඔක්කුම් බබා කතා විහිලු නතර කරලා අවිහිංසාව අගමැ දර්මය අනුව අගේ කරන්න
Reply : 0 4
Deepal Nirosh Thursday, 09 May 2019 09:55 PM
මෙහෙම අවස්ථාවකවක් ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් නො දුන්නේ නම් මෙයාලට තැනක බලයක් ලැබුණොත් හැසිරෙන්නෙ කොහොම ද කියල හිතාගන්න බැරි නැහැ.
Reply : 0 5
Nimal Friday, 10 May 2019 05:54 AM
අපි MS ගැන දන්නවා, කණගාටුව එයාට තියෙන්නේ කිම්බුලකුගේ තරම් මොලයක්. අපි කලබල නැහැ.
Reply : 0 9
චන්දන Friday, 10 May 2019 09:47 AM
අලමා ගේ ශබ්දය අවාසනාවක පෙර නිමිත්තක් කියලයි පැරැන්නෝ කියලා තියෙන්නේ.
Reply : 0 0
Champa Friday, 10 May 2019 11:53 AM
ඉස්සෙල්ල කිව්වා කඩු තියන් හිටියේ කැලා කපන්න කියල දැන් කියනව ගෑනු පරිස්සම් කරන්නලු. එතකොට පල්ලි වල කඩු පිහි කිනිසි අත් බෝම්බ සිවුරු අරක මේක තියන් හිටියේ මොකොටද? සිංහලයන් ඉවසන් ඉන්න හින්ද දැන් නිකම් මිනිස්සුන්ව මෝඩයන්ට අරන් කතා කරනවා. නමුත් අපි ඉවසනවා. ඉවසීමේ සීමාව ඉක්මවල ගිහින් දැනටම. ඒත් තවත් ඉවසනවා. ඒ මොකොද කිව නම් මේක තමයි දෙමල මුස්ලිම් ජාතිවාදයේ අන්තවාදයේ බෙදුම්වාදයේ ත්රස්තවාදයේ අවසාන පිම්ම. මීට පස්සේ නැවත මේ රටේ ලේ ගැලීම් ඇති නොවෙන්න අන්තිම විසඳුම අපි දෙනව ඊළඟ ජනාධිපතිවරණයේදී. මෙච්චර ඉවසන් ඉන්නේ ඒකයි. සිංහලයන් දෙමල මුස්ලිම් දේශපාලකයන්ගේ කෙනෙහිලිකම් උද්දච්චකම් කේවල් කිරීම් සමච්චල් වලට ලක් වෙච්ච අවස්ථා අපි එදාට ඉවර කරනවා. දෙමල මුස්ලිම් ත්‍රස්තවාදය හමුදා බලයෙන් ඉවර කරාට දෙමල මුස්ලිම් දේශපාලන ත්‍රස්තවාදය ඉවර කරන්න වෙන්නේ සිංහල බෞද්ධ ජනතාවට. අපිට අත්වල ලේ තවරා ගන්නවත් ජාතිවාදී කලබල වලට යන්නවත් රටෙන් කෑල්ලක් දෙන්නවත් අවශ්‍ය නෑ. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. 2020 අපි මේ රටේ සිංහල බෞද්ධ ඉතිහාසය අලුතින් ලියනවා. හැම දෙයක්ම වෙනස් කරනවා. බලා ඉන්න
Reply : 0 0
Janaka from Matara Friday, 10 May 2019 12:51 PM
කඩු නැති ගෙවල් වල ඉන්න ගැහැණු ළමය් ට කරදර කියල ආරංචියක් තියනවද? මාතර පැත්තේ ගෙවල් වල වගේ වගේ ගෙදර බලු නාම්බෙක් හැදුව නම් ගෑනු ළමය් විතරක් නෙමෙඉ ගහෙන් වැටෙන වෙරළු ගෙඩියක් දිහාවත් පාරේ යන මිනිස්සු බල්ලන්නේ නෑ.
Reply : 0 0
chathuri Saturday, 11 May 2019 07:14 AM
මයිත්‍රී ගේ. ගෙදර. කඩු කියක්. තියෙනවද. කියල. හොයල බැලුවද . දුවලව දුෂණය. කරන්න. දියවන්නාවේ කට්ටිය එන නිසා ආවයින් ආවේ නැහැ මේ වගේ. නායකයෙක් , කියන්නේ. කරන්නේ නොපිට්ට එහෙම. එකේ. කඩු නෙමේ ,බෝම්බත් අවශ්‍ය වෙයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd