ඥානසාර හිමි නිදහස් නොකළොත් ජනපතිට එරෙහිව විරෝධතාවක්
වෙසක් පොහොය දිනට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් නොකළාහොත් 18 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව මහානායක සංඝරත්නය පෙරටුකරගත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ අද (09දා) පැවසූහ.
මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවත්,මෙවර වෙසක් පොහොය දිනට පෙර උන්වහන්සේ නිදහස් කරන ලෙසට දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවත් නන්ද හිමියෝ සඳහන් කළහ.
මෙම පසුබිම තුළ වෙසක් පොහොයට පෙර තීරණයක් නොගතහොත් ඉන්පසුව ඇතිවන විරෝධතාවලින් ජනාධිපතිවරයා අපහසුතාවට පත්වීමට ඉඩ තිබෙන බවද එහිමියෝ ප්‍රකාශ කළහ.

popular news
-
AP KUMARA Friday, 10 May 2019 07:09 AM
හාමුදුරුවෝ සිර ගත උනේ වැරැද්දකට එයට දඩුවම් ලැබෙන්න ඕනි .මෙම සිද්ධිය දඩ මිමා කරගෙන නීතියට ඇගිලි ගහන්න හදන්න එපා My3 තවත් ගොන් වැඩක් කරිද දන්නේ නැත .
Reply : 0 0
rocky Friday, 10 May 2019 07:13 AM
මේ, හාමුදුරුවනේ. රටේ නීතියක් කියල එකක් තියනවා. ඒක (දේශ පාලුවන්න ඇරෙන්න ) අනිත් කාටත් පොදුයි. එක එක කහකඩයාට ඕන විදිහට ඒවා වෙනස් කරන්න බැහැ.
Reply : 0 0
DAHAM Friday, 10 May 2019 01:32 PM
මේ මිනිසා හිමි නමක් නොවෙන බව නොදන්නේද ?
Reply : 0 0
Champa Saturday, 11 May 2019 12:05 PM
මමත් කලින් බොහෝ වතාවක් කිව්වා හාමුදුරුවන්ව නිදහස් කරන්න කියලා. හැබැයි මේ වෙලාව සුදුසු නැහැ. ඥානසාර හාමදුරුවෝ එලියට ආපු ගමන් ජාතිවාදී ගින්නක් අව්වුලවන්න පුළුවන්. හාමදුරුවෝ නෙමෙයි. හාමුදුරුවෝ කළා වගේ වෙන පිරිස්. ඇවිලෙන ගින්නට පිදුරු දමනවාද? වතුර දමනවාද? ඒ හින්ද මේ වෙලාව නම් සුදුසු නැහැ. එලියට ආවට පස්සේ සිද්ධ වෙන්නේ මොනවා වුනත් ඒක වැටෙන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ account එකට. මිනිස්සු වික්ෂිප්තව වුනත් සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවක නැති ජාතිවාදී ගැටුමක් කවුරු හරි අවුලුවොත් සිංහල බෞද්ධයන් සහ හාමදුරුවරු අතර හොඳ හිත පලුදු වෙන්න පුළුවන්. මේක දිහා මීට වඩා පළල් විදිහට බැලුව නම් තාම හොඳ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

