13 දා ප්‍රහාරය ගැන ලිපිය තහවුරු නොකළ තොරතුරක්
එළැඹෙන 13 දා ත්රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කිරිමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපිය තහවුරු නොකළ තොරතුරක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අභ්‍යන්තරව හුවමාරුවූ මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි කාන්තාවකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ආරක්ෂාව ගැන තහවුරු නොකළ තොරතුරක් ලැබීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් දැනුවත් කර තිබුණා. ඒ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් අධ්යක්ෂ විසින් යවපු අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන අයුරු දක්නට ලැබෙනවා.
එය මෙතෙක් තහවුරු නොකළ තොරතුරක්. කෙසේ නමුත් අවශ්‍ය ආරක්ෂාව යොදවලා තිබෙනවා. මේ අභ්‍යන්තරව හුවමාරු කළ ලිපිය ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරී කාන්තාවක් ගැන තොරතුරු ලැබී තිබෙනවා. ඇය වෙනත් ආයතනයක් මගින් සංචාරක සංවර්ධන අධිකාරියට සේවය යෙදවූ සේවිකාවක්.
ඇය බදුල්ලේ පදිංචිකාරිණියක්. කොල්ලුපිටිය පොලීසිය විසින් මේ ගැන විමර්ශන කරලා ප්‍රකාශයක් ලබාගත්තා. මේ ගැන වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර ගැනීමට නියමිතයි.”

popular news
-
Kumar Thursday, 09 May 2019 07:15 PM
දැන් පොලිසියේ ලොක්කෝ තමන්ගේ වැරිද වහගන්න හදනවාවගෙයි. එම ලිපිය කෙසේහෝ පිටනොවුනම් අරෂක ලේකම් තවම ජොබ් එකෙ. ඒ විතරක් නොවේ පොලිස් පති තුමාත් කිසිම දෙයක් නොදන්නවාගේ කටයුතුකන්න ඉඩතිබුන.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

