ඩ්‍රෝන කැමරාවකින් මුහුදු වෙරළ රූපගත කළ රුසියානු ජාතිකයා අත්අඩංගුවට
ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තිරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (09) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලීසිය පවසයි.
මෙකි රුසියානු ජාතිකයා 32 හැවිරිදි වියේ පසුවන අයෙකි.
මොහු ඩ්‍රෝනා කැමරාවකින් දෙවට වෙරළ තිරයේ විඩියෝගත කරමින් සිටින බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙකි රුසියානු ජාතිකයා අප්‍රේල් මස 28 වැනිදින මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.
ඔහු මෙම මස 11 වැනිදින මෙරටින් පිටත්ව යාමට නියමිතව ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. මොහු එරට ටෙලිකොමියුනිකේෂන් ආයතනයක සේවය කරන අයෙකු බව ද පොලීසිය පවසයි.
මොහු විඩියෝ දර්ශන ලබාගෙන ප්රචාරක කටයුතු සඳහා එවා යොදා ගන්නා බව පොලීසිය පවසයි.
ඩ්‍රෝනා කැමරා මගින් විඩියෝගත කිරිම තහනම් වන අතර කැමරාවද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ජිනේෂ් නානායක්කාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

