saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10289 hours ago

LATEST

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීමට කැබිනටේ අනුමැතිය

calendar_today 2019 නොවැ 11 - 22:54 remove_red_eye - 1134  

“ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වැරදිවලට නීතියෙන් දඬුවම් කර ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලන කාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද (11දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.

Read More

කොළඹ කසල නිෂ්කාශනය වෙනුවෙන් අපි සැකසූ ක්‍රමවේදය මේ රජය සම්පුණයෙන්ම වෙනස් කළා. ඒකෙන් පුත්තලමේ ජනතාව අසීරුතාවයට පත්වුණා.

Read More

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ඉල්ලියාස් මහතා මෙහිදී සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කරමින් මෙම ආනමඩුව ජන හමුවට එක්වූයේය.

Read More

වර්තමාන පාලනය එක බිම් අඟලක් හෝ විදේශිකයින්ට පවරා ඇත්නම් එය තහවුරු කරන්න කියලා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා.

Read More

පොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලු දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාවයි.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවත්, ඒ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.

Read More

මෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පො කො ජානක ප්‍රේමසිරි (49559) , පො කො දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින් දෙදෙනායි.

Read More

කොටුව පොලිස් වසමේ ජනපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ හදිසි ගින්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

Read More

කුමන ප්‍රශ්න තිබුණත් රටේ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

Read More

ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

Read More

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිත ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී නැමැත්තාට ජනපති සමාව දීම සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා විසින් ඉවත් කරගෙන තිබේ.

Read More

මන්නාරම දිස්ත්‍රීක්කයේ පවතින සංවර්ධන ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්නාරම් රදගුරු එමානුවෙල් ෆනැන්ඩෝ හිමිපාණන් සමග පැවත්වුණි.

Read More

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සමාව දීමට ගත් තීරණය නීතිවිරෝධී, අසාධාරණ හා අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි.

Read More

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

අගවිනිසුරු නම් කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි. එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (11දා) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

2015 ජනවාරි 8 දා ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

Read More

රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිදුවීමට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදීමෙන් පසුව ඔහු බන්ධනාගාරයෙන් පිටවගොස් තිබේ.

Read More

තරුණියකට පහර දුන් බවට සැක පිට බකමුණ පොලිස්ථානයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිනෙකු (11දා) අත්අඩංගුවට ගෙන ඇති බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.