ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි
ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය. එසේම ඉදිරියේදී ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිඳ සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී පැවැසීය.
"සජිත්ගේ අවසන් මැතිවරණ ප්රචාරක සතිය මඩ සතියක් කරගෙන තිබෙනවා. එක් පුද්ගලයෙක් කියනවා සුදුවෑන් එකෙන් පුද්ගලයින් අතුරුදහන් කළා කියලා. එහෙම කියන පුද්ගලයාව ගෙනවිත් පොලිසියෙන් ප්‍රකාශයක් ගන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡා තියලා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ වාහනයේම එක්කගෙන යනවා. විසුම් පාය කියන්නේ මඩ මන්දිරයක්.
ඒ වගේම සහරාන්ගේ බිරිය මාධ්‍ය සාකච්ඡුාවක් තියලා බැසිල් රාජපක්ෂ මහතා සහ ගොඨාභය රාජපක්ෂ මහතා සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන්න නියමිත බව ආරංචි වෙනවා. ඇයටත් විශාල මුදලක් ගෙවලා ඇති. මේ මාධ්‍ය සාකච්ඡාව තියවන්න ලැහැස්ති වෙන්නේ මංගල සමරවීර මහතා නිසා අපිට භයවෙන්න දෙයක් නැහැ."

popular news
-
Champa Monday, 11 November 2019 06:11 PM
අනේ අනේ විමල්. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ කවත්ද? ඇමතිවරු නම් ඔහොම කරන්න ඇත්තේ ජනාධිපති තමන්ගේ කාර්ය මණ්ඩලය ස්ථිර කරන්න කිව්වා හින්ද වෙන්න ඇති. හැබැයි මට නම් පේන්නේ යහපලකයෝ රඟපෑමක් කරනවා කියල. මතක නැත්ද 2015 අගෝස්තු චන්දෙ ලන්වෙනකොටත් රනිල්ගේ ලේකම් කාර්යාලය ඔක්කොම අස්කරගෙන ගියා කියල පත්තරේ වැටුන =. හැබැයි පැරදුනාද? මේ පාරත් මට පේන්නේ ඒ වගේ. රාජිත ගෙනාපු මිනිහ දැක්කද? බලපු ගමන් පේනවා බොරු රැවුලක් දාල කියලා. තව නොයෙකුය්ත් ඒව කියනවා. මම නම් හිතන්නේ මේක රඟපෑමක්. එක්කෝ ගෝඨාභය පරදිනබව හොඳටම දන්නවා. එහෙම නැත්නම් දිනන්න දීල උසාවිය හරහා ඉවත් කරනවා. නැත්නම් රාජිත මෙහෙම කරයිද හොඳටම දන්නවනේ ගෝඨාභය දින්නොත් හිරේ යන්න වෙනවා කියලා. වහල් ආණ්ඩුව දිහා බලපුවහම පේනවා ගෙදර යයි කියල කිසි බයක් හැකක් නැහැ කියල. මෙතන වෙන මොකක් හරි තියෙනව.
Reply : 0 0
Champa Monday, 11 November 2019 08:28 PM
මම අද වෙනතුරු දැකල නැහැ ගෝඨාභය කොහේදිවත් කියනවා තමන් ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි කියල. හැමදාම කියවන්නේ අනුන් ලව්වා. වහල් ආණ්ඩුවෙන් රට ජාතිය ආගම රැක ගන්න කියල මහින්ද චන්දෙට දාපු මිනිහ තමන්ගේ පුරවැසි භාවයගැන කතා කරන්න නීතිඥයෝ එවන්නේ මොකද, මචං විමල්? මෙච්චර සරල කතාවක් ලොකු නඩුවක් වගේ සලකන්නේ ඇයි? මේ ගැන කතා කරන්න ඉස්සරහට එන්නේ නැති මිනිහ රට ජාතිය ආගම රැක ගන්න ඉස්සරහට එයිද? අර ගහල තියෙන සීල් එක වැරදියි. ඉංග්‍රීසිත් වැරදියි. අනිත් එක ඔය සීල් එක ගහන්නේ පිටුව හරහා ඇලට. අලි සබ්රි පෙන්වන විදිහට කෙලින් හරහට නෙමෙයි. ඒ වගේම 3 වෙනි පිටුවේ සහ අග කවරේට ඉස්සරහ පිටුවේ, ඒ කියන්නේ passport එකේ තැන් දෙකක සීල් එක ගහනවා. අනික හොඳට මතක තියා ගන්න ඕනේ පොහොට්ටුවේ නිර්මාතෘ ඇමරිකන් පුරවැසියෙක්. මහින්ද චන්දෙට දාල තියෙන්නෙත් තමන්ගේ පුරවැසි භාවය ගැන කටක් ඇරලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කතා කරන්නේ නැති මිනිහෙක්. මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි MCC ගිවිසුමට දැන් කැබිනට් අනුමැතිය ලැබිල තිබීම. ඊළඟට ජනාධිපති වෙන මිනිහෙක්ට ඒ ගිවිසුම අත්සන් කරන්න කිසිම බාධාවක් නැහැ කියන එක හොඳට මතක තියා ගන්න. මම හිතන්නේ මේකත් කුමන්ත්‍රණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

