MCC ගිවිසුම අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවත්, ඒ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
මංගල සමරවීර අමාත්‍යවරයා පවසන පරිදි මෙම ගිවිසුමෙන් රටට හානියක් නොමැති නම් විවෘත සංවාදයකට පැමිණෙන ලෙසද රතන හිමියෝ මංගල සමරවීර අමාත්‍යවරයාට ආරාධනා කළහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ අද (11දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
popular news
-
Champa Monday, 11 November 2019 06:18 PM
දැන් මංගල ගැන කතාව ඉවරයිනේ. වහල් ආණ්ඩුවයි ඇමරිකන් තානාපති කාර්යාලයයි දෙකම කිව්වනේ චන්දෙට ඉස්සෙල්ල MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. දැන් තියෙන්නේ ගෝඨාභය ගැන කතාව. ගෝඨාභය අද වෙනතුරු කෙලින් කියල නැහැ ඇමරිකන් ගිවිසුම් MCC හෝ SOFA අත්සන් කරන්නේ නැහැ කියල. කෙලින් ඒ ගිවිසුම් වල නම කියපු එක වතාවක්වත් නැහැ. අර කාශ්‍යප හාමුදුරුවන්ට දුන්නු ලියුමෙවත් මේ ගිවිසුම් ගැන "නමින්" කියල නැහැ. බලයට ආවහම කියන්න පුළුවන් තමන් එහෙම අත්සන් කරන්නේ නැහැ කියල පොරොන්දු වුනේ නැහැ කියලා. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලත් එහෙම පොරොන්දුවක් ගන්න බැරි කොට ජනාධිපති වුනාට පස්සේ කොහොමද නවත්තන්නේ? නිකම් බයිලා වදාරන්නේ නැතුව ඉන්න හාමුදුරුවනේ.
Reply : 0 0
batangala Monday, 11 November 2019 06:55 PM
ekath ara hisbullata thibuna wirodhaya wage ekekda ape hamunduruwane?
Reply : 0 0
උපාසකතැන Monday, 11 November 2019 08:07 PM
මන්ත්‍රී හාමුදුරුවනේ.දැන් ඔය ප්‍රශ්ණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් විමසනවානේ.ඉතින් ඒ මංඩලය දෝෂයක් නැහැ කිව්වොත් මොකද කරන්නේ.එනිසා අධිකරණයේ විමසන දෙයකට අදහස් නොවදාරා සිටිනවාද
Reply : 0 0
Don Tuesday, 12 November 2019 07:32 AM
මෙයා UNP ටිකට් එකෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ල, හිස්බුල්ලා ඉවත්කරන්න කූට උපවාසයක් රඟපාලා, හිස්බුල්ලා එක්ක එකම වේදිකාවේ ඉඳගෙන කසාවත් සිවුරටත් නිගාකරන, මිනීමරුවන්ට කඩේ යන පින්ගුත්තරයෙක්.
Reply : 0 0
rocky Tuesday, 12 November 2019 09:32 AM
අනේ හාමුදුරුවනේ, තමුන්නාන්සේට විලි ලජ්ජා නැද්ද? එක එක දේවල් බොරුවට අල්ලාගන ජනතාව කුලප්පු කරන ඔය තක්කඩි පිළිවෙත දැන්වත් නවත්වන්න. බැරිනම් ඔය සිවුර පැත්තකින් තියලා ජනතාවට මුහුණ දෙන්න. කෝ දැන් දොස්තර සාෆි ගේ කතාව? කෝ අර උපවාස කොරපු ඒවාට මොකදවුනේ? කෝ අර මුස්ලිම් විරෝධය?දැන් හිස්බුල්ලත් එක්ක නිදිවදිනවනේද? ඔය තරමටම සිවුර පාච්චල් කරපු බොරුකාර කහකඩයෙක් මේ රටේ කවදාවත් ඉන්න නැතුව ඇති.ශික්!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

