වැරදිකරුවන්ට ජනපති සමාව දෙන්නේ නෑ
වැරදිවලට නීතියෙන් දඬුවම් කර ඇති ත්රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලන කාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා දෙමාපියන් දේශපාලඥයින් පසුපස ගොස් පිංසෙන්ඩු වූ යුගය වෙනුවට, රටේ සෑම දරුවෙකු සඳහාම සර්ව සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් ආරම්භ කරන බවද, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කුරුණෑගල, ගල්ගමුව මහජන සතිපොළේ ජන රැළියට අද (11) දින එක් වෙමිණි.
“එළඹෙන 16 වැනිදායින් පසුව ත්රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාරකරුවන්ට රට තුළ ඉඩක් නැහැ. අච්චු කර ඇති ත්රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන් කිසිම විටක ජනාධිපතිවරයා ලෙස මගේ පාලන කාලය තුළදී නිදහස් කරන්නේ නැහැ. ඔවුන්ට දැඩි දඩුවම් ලබා දී විනයගරුක රටක් නිර්මාණය කර සංවර්ධිත නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.
16 වනදා ජනාධිපතිවරයා ලෙස පත් වූ විගස මෙරට අභ්‍යන්තර හා බාහිර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දීම ආරම්භ කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නව තාක්ෂණ විද්‍යාල සහ නව තාක්ෂණ උද්‍යාන ආරම්භ කර යොවුන් පරපුර දැනුමෙන් සන්නද්ධ කරනවා. රට පුරා නව කර්මාන්තපුර ඇති කර තරුණ පරපුරට නව රැකියා අවස්ථා ලබා දෙනවා. ”

popular news
-
Rufus Randeniya Tuesday, 12 November 2019 09:37 AM
යන යකා කොරහත් බිඳගෙන යයි. සිරා ජනපති සමාව හෑල්ලු කළා. තරුණියක් අමු අමුවේ මරාදැමු මිනිමරුවෙකුට සමාව දීමට ඔහු ගත් තීරණය සැමගේ පිළිකුලට ලක් වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

