ජනපති මෛත්‍රීට උපහාර පිදීම 14දා
සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙල එළැඹෙන 14දා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව රජයේ නිල පුවත් සේවය සඳහන් කරයි.
පෙ.ව. 11.00ට ආරම්භවීමට නියමිත මෙම උපහාර උළෙල ජනපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර එහිදි ජනපතිවරයාට උපහාර දැක්වෙන අතර ජනපතිවරයා විසින් එම කාර්යාලයේ සේවක සේවිකාවන්ද ඇගයීමට නියමිතය.
නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වෙයි. 2015 ජනවාරි 8 දා ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.

popular news
-
Sanath Monday, 11 November 2019 11:21 AM
මෙයාට මොන උපහාරද?
Reply : 0 0
Daham Monday, 11 November 2019 12:03 PM
මෙයාට උපහාර නොවෙයි හිරේ අරින්න ඕනේ මොකද තම අවසාන මොහොතේ මුදල් වලට මිනීමරුවන්ට ජනපති සමාව දීම නිසා .
Reply : 0 0
samson de silva Monday, 11 November 2019 12:08 PM
හොඳයි, උපහාර උළෙලක් කියලා කියමුකෝ. හරියටම කියනවානම් ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටිය දුර්වලම පාලකයාගෙන් රට ගැලවීම වෙනුවෙන් ජනතාව දාන පාටියක්.
Reply : 0 0
denin Monday, 11 November 2019 12:23 PM
බොහෝ දෙනා අගය නොකලට එතුමාගේ තිබුන විශේස දක්ෂතාවයක් තමයි අත්යවස්ය භාණ්ඩ රාශියක් තමන් බලයට පත්වන විට තිබුන මිලට වඩා අඩු මිලට තමාගේ මුළු පාලන කාලය (අවුරුදු 5)තුලදීම ලබාදීම .ශ්‍රී ලංකා එකේ හිටපු කොයි නායකයටද එහෙම කරන්න පුළුවන් වුනේ?මේ නිසා සාමාන්‍ය ජනතාවට මයිතිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් විශාල සේවයක්වුන.බලන්න දැන් අත්යවස්ය භාණ්ඩ මිල කියාද එදා කියාද කියල.
Reply : 0 0
rocky Monday, 11 November 2019 01:58 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කල ජනාධිපතිවරයෙකුට උපහාර පුදන එකම රට මේ මෝඩයන්ගෙන් පිරුන අමන රාජ්‍යය වෙන්න පුළුවනි. මෙතුමාව බලයට පත් කරන්න එදා චන්දයක් මොහුට දුන්න එක මම මගේ ජීවිතයට කල ලොකුම මෝඩකම ලෙස සලකමි. විජය රජ්ජුරුවන්ගේ කාලයේ සිට අද දක්වා මේ රටේ පහල වූ අන්තිම අසාර්ථක මජර ජනතා ද්‍රෝහී පාලකය ඔහු විය යුතු යයි සිතමි!
Reply : 0 0
Champa Monday, 11 November 2019 05:17 PM
උපහාර? හොඳයි වැඩේ. මේ අවුරුදු 5 තරම් ලංකාව අරාජික වුනු, ආර්ථිකය කඩා වැටුණු, මත්ද්‍රව්‍ය මත්පැන් සිගරට් වලට මිනිස්සු ඇබ්බැහිවුනු, රටේ තරුණ පරම්පරාව සම්පූර්ණයෙන්ම දුශ්චරිත වලට යොමු වුනු, පාලකයෝ රට ජාතිය ආගම හමුදාව පාවා දීපු කාලයක් තවත් නැහැ. එහෙම කාලයක් රටට උදා කරපු මිනිහෙක්ට උපහාර පුදන්න ලෝක මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මේ උත්සවය තියන්න ඕනේ මහජන මුදලින් එහෙම නෙමේ. ජනාධිපති ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයට පුළුවන් තමන් සල්ලි එකතු කරලා සමු ගැනීමේ උත්සවයක් තියන්න. සාමාන්‍යයෙන් රජයේ කාර්යාලවල එහෙමයි කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

