saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10303 hours ago

LATEST

සරසවි 15 ක් රුපියල් මිලියන 7,083ක් ප්‍රයෝජනයට ගෙන නැහැ - කෝප් වාර්තා

calendar_today 2019 නොවැ 08 - 20:00 remove_red_eye - 737  

මෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව සහ 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.

හිට්ලරුත් ආවේ ඡන්දෙන්. වෙජිටේරියන් තමයි. හැබැයි ලක්ෂ 60ක් මැරුවා. මෝරු ඇතිකරලා සුදු වෑන් ගෙනාපු නායකයෙක් නෙමෙයි.

Read More

ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප‍්‍රමුඛ පොලීසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පිල්ලෙයාන්, වර්දරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සමග ඇති රහස් ගනුදෙනු පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් එල්ල කර තිබේ.

Read More

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ.

Read More

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, යාපනය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය යන ආයතනවල පරිපාලන කටයුතු වෙනුවෙන් නව බලයලත් නිලධාරීන් පත්කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කටයුතු කර තිබේ.

Read More

හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලව්වා දැන් සැලසුමක් තිබෙනවා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න කියලා කියවගන්න.

Read More

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.

Read More

කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.

Read More

පසුගිය දින තුනක කාලය තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අද (8දා) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

Read More

පරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.

Read More

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

Read More

දකුණු ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන දිගුවේ පළමුවන කොටසේ කිලෝමීටර 30ක් ජනතා අයිතියට සූදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

Read More

ක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.

Read More

මේ සඳහා හේතු වී ඇත්තේ ක්‍රීඩා පනත් කෙටුම්පත ඊයේ (07දා) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණද එය ඇතුළත් නොකිරීමයි.

Read More

මෑතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.

Read More

සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.

Read More

සමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා කරමින් නැවතත් ජනතාව මුලා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව මුලා වෙන්නේ නැහැ.

Read More

කොළඹ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙක් මෙන්ම වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන්නේ ෆෙරෝසා මුසම්මිල් මහත්මියයි.

Read More

සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි.

Read More

කළු ගඟ ජලාශය ඉදිකිරීම සඳහා ඉවත් කෙරුණු වසම් 11ක පවුල් 1062 ඒ සඳහා තවමත්සි යලු ජල අවශ්‍යතාවයන් බවුසර මගින් සැපයෙන බවත් ආහාර සලාක ක්‍රමයට බෙදාදීම සිදු කෙරෙන බව ජනතාව පවසති.

Read More

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

රජයේ අමාත්‍යංශ විසිහතරක් (24) ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරේ.

Read More

තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවන වැඩපිළිවෙලක් ඉදිරි රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.