ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උඩරට දමිළ ජනතාව නොසලකා හැරලා
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් නැවත වරක් උඩරට දෙමළ ජනතාව නොසැලකිල්ලට පාත්‍ර කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඊයේ (10දා) දින නුවරඑළිය සහ තලවාකැලේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම් අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පිටු අසූවකින් යුතු රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇත්තේ අන්තිම පිටුව බවයි.
"පොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලු දමා පිළිගත්තේ මහින්ද රාජපක්ෂ මහතාවයි. ඒ අයගේ වේදිකාවේදීත් ගෝඨාභ රාජපක්ෂ මහතාව පැත්තකට ඇද දමනවා නම්, ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කිසිදු ඵලක් නෑ.
ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කඳුරට දෙමළ ජනතාවට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක්. කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වන දේ පිළිබඳවත් අවබෝධයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නෑ. එවන් කෙනෙකුගෙන් මේ ජනතාවට සෙතක්, සහනයක් සිදු වෙන්නේත් නෑ.
ලයින් කාමරවලට සීමා වී සිටි මේ ජනතාවට ඉඩමක අයිතියික් සමග නිවාස ලබා දුන්නේ අපියි. රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඒ වැඩ පිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මගිනුයි.
නව ආර්ථික අවකාශයන් උදා කරමින් කඳුරට දෙමළ ජනතාවට ශක්තිය, නිදහස සහ ගරුත්වය උරුම කරලීමේ වැඩ සටහන ඉදිරියට ගෙන යා හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කිරීමෙන් පමණයි.”

popular news
-
Champa Monday, 11 November 2019 07:06 PM
නුවර එලිය තලවකැලේ මිනිස්සු අඳුරන්නේ මහින්දව තමයි. ගෝඨාභයට චන්දෙ දෙන්නේ ඒ හින්ද. එහෙ විතරක් නෙමෙයි ලංකාව පුරාම එහෙමයි.
Reply : 0 0
Bandula. Monday, 11 November 2019 07:51 PM
අනුන්ගේ කුණු හෝදන්නේ නැතුව තමන්ට කරනදේ කීවානම්, මේක අර ලිඳ ලග ට එන ගැහැණු වගේ ඔහේ කියවනවා, ලජ්ජි, නරක අර මහා බැංකු හොරුගන මොනවා හරි කීවොත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

