ගම්පොල ශික්ෂණ රෝහලට අවශ්‍යම යන්ත්‍රයක් වසර හතක් තිස්සේ ක්‍රියාවිරහිතයි
ගම්පොළ මුලික (ශික්ෂණ) රෝහලේ විශේෂිත ළදරු ප්‍රථිකාර ඒකකය සදහා අවශ්‍ය වෛද්‍ය වායු සැපයිම් සදහා භාවිතාකරණු ලබන කම්පෙසර් (compressor) යන්ත්‍ර දෙක දැනට වසර හතක පමණ කාලයක සිට ක්‍රියාවිරහිතව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉන් එක් යන්ත්‍රයක් අලුත්වැඩියාකළ නොහැකි බව ජිව වෛද්‍ය ඉංජිනේරු විසින් දක්වා තිබු අතර අනික් යන්ත්‍රයද 2023 වර්ෂයේ සිට ක්‍රියාවිරහිතව පැවතුණි. මෙම විශේෂිත ළදරු ප්‍රථිකාර ඒකක සදහා (ventilator) යන්ත්‍ර අත්‍යවශ්‍ය උපකරණයක් වන අතර එය ක්‍රියාත්මක කිරිමට කම්පෙසර් (compressor) යන්ත්‍ර ඉතාම අත්‍යවශ්‍ය වේ. මෙම ඒකකයේ මසකට ළදරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රථිකාර ලබන බවද මෙම වාර්තාවේ සදහන් වේ.
වෛද්‍ය වායු පද්ධතිය ස්ථාපිත කිරිම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ වෛද්‍ය වායු පද්ධතිය ස්ථාපිත කිරිම සදහා විවෘත මිල ගණන් කැදවා ඇති බවත් ලැබි ඇති මිල ගණන අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව වෙත යොමුකර ඇති බවය. දැනට වෙන්ටිලේටර් (ventilator) යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම සදහා වෛද්‍ය වායු සිලින්ඩර් ගැටළුවක් නොමැතිව භාවිතා කරණ බවත් එම නිසා නොමේරු ළදරුවන් සදහා ප්‍රතිකාර කටයුතු අඩාලවිමකින් තොරව ක්‍රියාත්මක වන බවය. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

