මස්කෙළිය වැවිලි සමාගමට අයත්, මස්කෙළිය මාවුස්සාකැලේ තේ වතුයායේ, තේ කර්මාන්නත ශාලාවේ රාත්රී සේවා මුරයේ සේවයේ යෙදී සිටි වතු කම්කරුවෙක් (05) දා අළුයම 02.10 ට පමණ තේ අඹරණ යන්ත්රයකට හිස තුවාල වීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, මාවුස්සාකැලේ වතුයායේ පදිංචිව සිටි කිට්නන් විජයකුමාර් ( 49 ) නැමති දෙදරු පියෙකි.
මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය (05) දා දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පැවසීය.
මස්කෙළිය ගාමිණී