මහියංගන සොරබොර ප්රදේශයේ නිවසකදී බිරිද විසින් පිහියකින් ඇන කපාකොටා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ශක නිළධාරියකු අද (6) මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන පොලිසිය පවසයි .
පිහියකින් ඇන මෙසේ තුවාල ලැබූයේ 43 හැවිරිදි ගිරාදුරුකෝට්ට උපපොලකා මූලස්ථානය ට අනියුක්තව සේවය කරන, මහියංගන සොරබොර මීගහපිටිය ප්රදේශයේ පදිංචි සිව්ල් ආරක්ශක නිළධාරියකු යැයි පොලිසිය කීය .
සැකකාර මහියංගන සොරබොර මීගහපිටිය ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි දරුවන් තිදෙනෙකු සිටින කාන්තාවක අත් අඩංගුවට ගත් බවද පොලිසිය කීය .
මෙම අඹුසැමි යුවල අතර නිවසේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බිරිද මෙලෙස සැමියාට පිහියකින් ඇන කපාකොටා දමා ඇති බවත් පොලිසිය සදහන් කළේය.