කුරුණෑගලට දුන් රු. කෝටි පහක ඖෂධ කොරිඩෝවේ තැන්පත් කරලා
වෛද්‍ය සැපයුම් අංශයෙන් කුරුණැගල ශික්ෂණ රෝහලෙහි ඖෂධ ගබඩාව වෙත ලබා දි තිබු රුපියල් පන්කෝටි, හාරලක්ෂ, හතලිස්පන්දහස්, විසිහයකට (50,445,026) වඩා වැඩි වටිනාකමින් යුතු ඖෂධ වර්ග 26ක් වසරකුත් මාස හතක පමණ කාලයක් ඖෂධ ගබඩා ගොඩනැගිල්ලේ බිම් මහලේ සහ පළමු මහලේ කොරිඩෝවල ගබඩා කර තැබිම් සම්බන්දයෙන් ස්වාධින පරික්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙකි ඖෂධ වර්ග 26 ඖෂධ ගබඩා ගොඩනැගිල්ලේ බිම් මහලේ සහ පළමු මහලේ කොරිඩෝවල 2025 වර්ෂයේ පෙබරවාරි මස 27 දින වනවිටත් ගබඩාකර තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශය විසින් නියමිත පරිදි රෝහල් වෙත වෛද්‍ය සැපයිම් නිකුත් කිරිම, කළමණාකරණය නොකිරිම හේතුවෙන් 2024 වර්ෂයේ දි කුරුණැගල ශික්ෂණ රෝහල විසින් දේශිය මිලදිගැනිම් යටතේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ හා ශල්‍ය අයිතම් මිලදි ගෙන තිබුණි.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට පිළිතුරු ලබා දි නැත. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

