පිලිපීනයට බලපෑ ප්‍රබල සුළි කුණාටුවකින් පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එහිදී ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර, ජනතාව සිය නිවාස වල වහලවල් මතට නැග උදව් අපෙක්ෂාවෙන් සිටිති.
එමෙන්ම මෝටර් රථ සහ නැව්ගත කළ බහාලුම් වීදි වල ගංවතුර සමග වතුරේ පාවිමින් ගසාගෙන යන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.